හේතුවක් නැතිව මහින්ද යෝෂිත සමග සිංගප්පූරුවට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ මද්දුම පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු අට දෙනෙකු ඊයේ (13දා) රාත්‍රීයේ සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව වාර්තාවේ. මෙම සංචාරයේ අරමුණ කුමක්දැයි පැහැදිලිව කිසි තැනක වාර්තා කර නැත.
ලංකාවේ දේශපාලනඥයින් බොහෝ විට
සිංගප්පූරුවට යන්නේ වෛද්‍ය පරීක්ෂණ අවශ්‍ය වූවිට බව ප්‍රකට කරුණක් වන නිසා මෙම ගමන එවැන්නක් සඳහා යොදාගෙන ඇති බවට සැකයක් තිබේ.
මින් ඉහත යෝෂිත රාජපක්ෂ සම්බන්ධ නඩු විභාගය හමුවේ ඔහුගේ නීතිඥවරුන් දන්වා සිටියේ යෝෂිතට ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනයට අවශ්‍ය නිසා විදෙස් ගතවීමේ අවසරය ලබාදෙන ලෙසයි. ඒ අනුව එයට අවසර ලැබුණි.
නමුත් එල්ලවී ඇති චෝදනා සලකා ඕස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය වීසා ලබාගන්නට යෝෂිත අසමත්වූ බවට ආරංචි පැතිරුණ අතර ඔහු ඕස්ට්‍රේලියාවට ගියේ නැත. (යෝෂිතගේ පෙම්වතිය ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment