නාමල්ට යසාරාට එල්ටීටීයට චැනල් දුන්න හැටි ප්‍රශ්න කරන්න රන්ජන් මීඩියා මිනිස්ට්‍රි ගිහින් අලකලංචිය


නාමල්ට යසාරාට එල්ටීටීයට චැනල් දුන්න හැටි
ප්‍රශ්න කරන්න රන්ජන් මීඩියා මිනිස්ට්‍රි ගිහින්

අලකලංචියට ලේකම්ගෙන් මාධ්‍ය නිවේදන

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක ඊයේ නාරාහේන්පිට ජනමාධ්‍ය අමාත්‍යංශයට ගොස් තිබුනේ ළඟදී සම්මතවූ තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව ලංකාවේ රූපවාහිනී ගුවන්විදුලි නාලිකාවල අයිතිකරුවන් ගැන විස්තර දැනගැනීමටය.
එම අවස්ථාවේ අතිරේක ලේකම්වරියක හමුවට ගොස්
සිය අවශ්‍යතාව දන්වා සිටි අවස්ථාවේ නියෝජ්‍ය ඇමතිවරයාට අදාළ

ඉල්ලුම්පත පුරවා භාර දෙන ලෙස දැනුම් දුන් අතර එම අවස්ථාවේ කාමරයට පැමිණි අමාත්‍යංශ නිලධාරිනියන් දෙදෙනෙකු රන්ජන්ගේ ප්‍රශ්න කිරීමට ලක් විය. ඔවුන් රන්ජන් සමග කුළුපගව සිනහසෙමින් ඇතැම් තොරතුරු ලබාදුන්නේ මාධ්‍ය කැමරා වලටද එම පිළිතුරු නිරාවරණය කරමිනි.

සීඑස්එන් නාලිකාව යසාරා අබේනායක නමට තිබුණ බවත් රොහාන් වැලිවිටගේ නමට නොතිබුණ බවත් එම අවස්ථාවේ හෙළිදරව් කෙරුණ අතර නාමල්ගෙ නමට සෘජුව නාලිකා ඉල්ලා නැති නමුත් ඇතැම් පුද්ගල නම් වලට නොව කොම්පැනිවල නම් වලට නාලිකා ඉල්ලුම් කෙරෙන බවද පැවසිණි. මේ අතර එල්ටීටීඊ සංවිධානය නමටද නාලිකා ලියාපදිංචි කර තිබී පසුව අහෝසි වූ බව එම නිලධාරිනියන් හෙළි කරන ලදි.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේ රන්ජන්ට නොකිවයුතුදෑ නිලධාරිනියන් අපහසුතාවයට පත්කරමින් ප්‍රශ්න කර ලබාගෙන තිබු බවක් ඉන් අනතුරුව අමාත්‍යංශ ලේකම්වරයාගේ හැසිරීම තුළින් ප්‍රකට විය. රන්ජන් අමාතයංශයෙන් පිටව ගොස් ටික වේලාවකින් ජනමාධ්‍ය ලේකම්තුමා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ ගැන පැහැදිලි කර තිබුණි.
රන්ජන් ඉල්ලුම් පත්‍රය පුරවා ඉල්ලා සිටි තොරතුරු විධිමත් ආකාරයට ලබාදෙනවාද නැද්ද යන්න තීරණය කිරීමෙන් පසු දින 14ක් ඇතුළත එම තොරතුරු ලබාදෙන බවත් නිලධාරිනියන් අපහසුතාවයට පත් කරමින් කිසියම් කෙනෙකුට තොරතුරු ලබාගන්නට හැකියාවක් නැති බවත් ලේකම්වරයා එහිදී පැහැදිලි කළා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment