පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරනවාට අපි විරුද්ධයි - ඒකාබද්ධ විපක්ෂය


පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරනවාට
අපි විරුද්ධයි
-ඒකාබද්ධ විපක්ෂය


ඊයේ අධිකරණ අවසරය මත පිළිගැනීමට ලක්වූ මාළඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ කාරණාව ගැන ඒකාබද්ධ විපක්ෂයේ මතය කුමක්දැයි ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රශ්න කිරීමකට ලක් කළ අතර එම අවස්ථාවේ  හිටපු ඇමති දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ශ්‍රී ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය නැති බවයි.
මෙම වෛද්‍ය විද්‍යාලය ඇරඹූයේ පසුගිය රජය සමයේ නොවේදැයි පෙරළා මාධ්‍යෙව්දීන් ප්‍රශ්න කරන විට
ඔහු කීවේ
සිය ආණ්ඩුව සමයේ එය ආරම්භ වුවත් ඒ කාලවකවානුව තුළම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිළිනොගන්නා බවට තීන්දු ලබාදුන් බවකි.
කෙසේ වෙතත් එවක හිටපු උසස් අධ්‍යාපන ඇමති එස්බී දිසානායක මෙම වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරූ බව හෝ එවක සිසු විරෝධතා මර්දනය කරමින් අඛණ්ඩව කණ්ඩායම් 4 කට වෛද්‍ය විද්‍යාව හැදෑරීමට එම ආයතනයට ආශිර්වාද කළ ආකාරය ඇමති දිනේශ් අමතක කර කථා කළේය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment