ශ්‍රීලනිප ආසන සංවිධායකවරයෙක් ඉල්ලා අස්වෙයි

ශ්‍රීලනිප ආසන සංවිධායකවරයෙක් ඉල්ලා අස්වෙයි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මින්නේරිය ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මූලස්ථානය වෙත භාර දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වීමට තීරණය කළ බව ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම තමා මින් ඉදිරියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවත් ඕනැම මැතිවරණයක දී පොළොන්නරුව ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය උදෙසා කැපවීමෙන් ක‍ටයුතුකරන බවත් හෙතෙම අවධාරණය කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment