අර්ජුන්ගේ කෙරුවාව හෙළිවෙයි - එකම වේලාවක හෝටල් දෙකක ඉඳලා

අර්ජුන්ගේ කෙරුවාව හෙළිවෙයි - එකම වේලාවක හෝටල් දෙකක ඉඳලා

මහ බැංකුවේ හිටපු අධිපතිවරයා විසින් ඔහුගේ ධුර කාලය තූළ වාර 163කදී කරන ලද රුපියල් හය කෝටි හය ලක්ෂයක මුදල් වංචාවන් පිළිබඳ විගණන වාර්තා හෙළි කරන බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.

මෙකී විගණන පරික්ෂණය කර ඇත්තේ ඉකුත් අගෝස්තු මාසයේ වුවත් මේ වන තුරුත් වත්මන් මහ බැංකු අධිපතිවරයා හෝ රජයේ වෙනත් වග කිව යුතු පාර්ශවයක් කිසිදු පියවරක් ගෙන නැතැයි ද ඒ මහතා සඳහන් කළේය.

මෙම වංචාව හැරුණු විට ඔහු ගේ බෑනා විසින් මිලදී ගෙන ඇති මෙන්ඩිස් සමාගම විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් ඉකුත් ජනවාරි මාසය වනවිට රුපියල් කෝටි 84 ක් ඉක්මවා ඇතැයි ද සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.

හිටපු මහ බැංකු අධිපතිවරයා සිය තනතුර දරන සමයේදී එකම රාත්‍රියක ඉන්දියාවේ හෝටල් දෙකක නවාතැන් ගෙන තිබෙන බව අභ්‍යන්තර විගණන වාර්තාවකින් හෙළිකරගෙන ඇතැයිද හෙතෙම හෙළි කළේය. 

පසුගිය මාර්තු 16 වැනිදා ඉන්දියාවේ සමුළුවකට සහභාගි වී එකම රාත්‍රියේ හෝටල් දෙක ගත කර මහ බැංකුවට රුපියල් 106,102 ක මුදලක් අහිමි කර තිබෙන බවද වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

මේ අනුව එක් හෝටලයකට රුපියල් 59,381 ක මුදලකුත්, තවත් හෝටලයකට රුපියල් 46,721 ක මුදලකුත් ඉන්දියානු රුපියල්වලින් ගෙවා තිබෙන බවද ඊයේ(05) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් පැවසී ය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment