අසේල ගුණරත්න නිසා ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් ජයග්‍රහණය උදුරා ගනී


අසේල ගුණරත්න නිසා 
ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් ජයග්‍රහණය උදුරා ගනී

අද 19 ඕස්ට්‍රෙලියාවේ සිමොන්ඩ්ස් ක්‍රිඩා පිටියේ පැවති ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රෙලියාව අතර දෙවැනි විස්සයි 20 ක්‍රිකට් තරගය පෙරළිකාර ලෙස ජයගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.
මුල් ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රෙලියාව රැස් කළ ලකුණු 173 අභියෝගය හමුවේ ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම ක්‍රීඩා කරද්දී මුල් පෙළ අසාර්ථකවූ අතර අවසාන ඕවර 5 දී
ලකුණු 59 ක් ගතයුතු තත්වයක සිටියා.

මෙහිදී පෙර තරගයේ වීරයාද වූ අසේල ගුණරත්න කැපී පෙනෙන වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලංකාවට නොපෙනුණු ජයග්‍රහණයක් කරා රැගෙන ගොස් අවසානයේ ජයග්‍රහණයද අත්කරදුණි. ඔහු 19 වන පන්දු ඕවරයේ පිට පිට 6 පහර තුනක් එල්ල කළ අතර 20 වන පන්දු ඕවරයේදී 4 පහර 2 ක් හා 6 පහරක් එල්ල කරන ලදි. අවසන් පන්දුවට ලබාගතයුතුවූ ලකුනු 2 වෙනුවට ඔහු ලකුණු 4 ලබා ජයග්‍රහණය සපථ කළේය.
තරගය අවසන් වනවිට අසේල නොදැවී 84 කි.ඔහු අද කඩුල්ලක්ද දවා ගත්තේය.
මේ අනුව තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලී ජයද ශ්‍රී ලංකාවට හිමි විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment