රජය පොරොන්දු ඉටු කළේ නෑ - දෙමළ සන්ධානයෙන් රතු එළියක්

රජය පොරොන්දු ඉටු කළේ නෑ - දෙමළ සන්ධානයෙන් රතු එළියක්

රජය විසින් පොරොන්දු වූ පරිදි උතුරේ ජනතාවගේ ගැටළු මෙතෙක් විසදා නැතත් දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් රජයට සහය දැක්වීමේ තීරණයෙන් ඉවත් නොවන බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් පැවසීය.

යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ වත්මන් රජය මැතිවරණයට පෙර උතුරේ වැසියන් වෙනුවෙන් ඉටු කිරීමට පොරොන්දු වූ පොරොන්දුවලින් විශාල ප්‍රමාණයක් මේ දක්වා ඉටු කොට නොමැති බවයි.

ජනාධිපතිවරයාගෙන් මේ පිළිබදව විමසා සිටින අවස්ථා වලදී එම ඉල්ලීම් පියවරෙන් පියවර ඉටු කරණ බවට පොරොන්දු වුවත් එම ඉල්ලීම් ඉටුවන විට රජයේ කාලය අවසන්ව යනු ඇතැයි දෙමළ ජාතික සන්ධානයටත් උතුරේ වැසියන්ටත් විශාල සැකයක් පවතින බවද උතුරු පළාත් සභාවේ සභාපතිවරයා පවසයි.

 

උතුරේ වැසියන්ට අයත් ඉඩම් යළි ලබාදීම ඉතා මන්දගාමී ස්වරූපයක පැවතීමදේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීමඋතුරු පළාත් සභාවට වැඩිපුර මුදල් ලබා නොදීමඋතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබා නොදීම වැනි කරුණු ගණනාවක් පොරොන්දු වූ පරිදි මෙතෙක් ඉටු කොට නොමැති බව සභාපතිවරයා පෙන්වා දෙයි.

දිනසේන රතුගමගේ

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment