ටෝකියෝ නුවර අලුත්ම උන්මාදය ‘එතුම් තෙරපිය‘

 ශරීරයේ හිස සිට පාදාන්තය දක්වා රෙදි වලි ඔතා සිදු කරන ප්‍රතිකාර ක්‍රමයක් මේ වනවිට ජපානයේ ටෝකියෝ නුවර අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
ශරීරය ආවරණය කරන රෙදි තිර නිසා උණුසුම් හැඟීමක් අසමසම බවක් සන්සුන් හැඟීමක් සපයන බවත් මේ නිසා එසේ කළවුන්ගේ මාංශ පේශී ලිහිල්ව තද ගතිය තුරන් කිරීම සහ ඉරියව් වර්ධනය කරවන බව ප්‍රතිකාර
කරන අය දන්වා සිටී.

ළදරුවන්ගේ ස්වාභාවික උණුසුම් පාලනය වර්ධනය වන තෙක් ලෙයාඩ් බ්ලැන්කට් හෝ වෙනත් ඇඳුම් ඔතා ප්‍රතිකාරයක් ලෙස මෙම ක්‍රමය ලෝකයේ ශීත රටවල වැඩි වශයෙන් භාවිත වන නමුත් වැඩිහිටියන්ට මෙවැනි ප්‍රතිකාර ක්‍රමයක් ප්‍රචලිත වූයේ මෑතකදීය.

වෛද්‍ය විශේෂඥයන් සඳහන් කරන්නේ එය විද්‍යාත්මක පර්යේෂණ මත පදනම් වූ නොවන සම්ප්‍රදායික ක්‍රමයක් නිසා ඔවුන්ගේ  ප්‍රතිඵල සියල්ල පැහැදිලි කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් සම්ප්‍රදායික ප්‍රතිකාර ඉහළින් අගය කරන ජපනුන් අතර මෙම ක්‍රමය බෙහෙවින් ජනප්‍රියව ඇති අතර ටෝකියෝවේ මෙම ප්‍රතිකාර ලබාදෙන මවධ්‍යස්ථාන වල ආසන වෙන්කරවා ගන්නටද අපහසු තත්වයක් හටගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment