වරාය කොටසක් ප්‍රයිවෙට් කරනවාට එරෙහි විරෝධතාවට කඳුළු ගෑස්


 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වරාය සුරැකීමේ ඒකාබද්ධ
වෘත්තීය සමිති පෙරමුණ අද (1)
සංවිධානය කළ පාගමනට කොළඹ ලෝටස් පාරේ දී අද දහවල් පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබේ.
උද්ඝෝෂකයන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට උත්සාහ කළත් එය වළක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය උසාවි නියෝගයක් තිබිණි.
වරාය සේවකයින්ගේ විරෝධතා පාගමනට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත්තේ මේ නිසාය.
 විරෝධතා පාගමන හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය ලෝටස් වට රවුමෙන් වසා දැමීමට සිදු විය.
 අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment