මහින්ද ශ්‍රීලනිපය අතහරී? මැතිවරණයේදී සහය ඒකාබද්ධයට  

මහින්ද ශ්‍රීලනිපය අතහරී? මැතිවරණයේදී සහය ඒකාබද්ධයට  

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිප නොව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සහයදෙන බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද (01) දහවල් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පුත්තලම නිවසේ පැවති රැස්වීමකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

පළාත් පාලන මැතිවරණයට සාර්ථකව මුහුණදීම සඳහා තමා සූදානම් බවත් මෙම මැතිවරණය තීරණාත්මක වන බවත් හිටපු ජනාධිපතිවරයා පැවසී ය.

මේවන විට උතුරේ සිදුවන සිදුවීම් දෙස බලනවිට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු පැනනැඟී ඇති බව පැහැදිලිවන බවත් මේ වග තමන් කියා සිටියේ සෑහෙන කාලයකට පෙර බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ආරක්ෂක හමුදා කඳවුරු සීමා කිරීමත්, හමුදා භටයින් කඳවුරු තුළට සීමා කිරීමත් සිදුව ඇති බවත් බුද්ධි අංශ සාමාජිකයින් සිරගත කර ඇති බවත් පැවසූ රාජපක්ෂ මහතා මෙවන් තත්ත්වයක් හමුවේ ගැටළු පැනනැඟීම පිළිබඳ පුදුමවිය යුතු නැති බවත් වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment