ට‍්‍රම්ප්ගේ නියෝගය නිසා ශ්‍රී ලාංකිකයන් ඇතුළු 71ක් සිරවෙති

ට‍්‍රම්ප්ගේ නියෝගය නිසා ශ්‍රී ලාංකිකයන් ඇතුළු 71ක් සිරවෙති

ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 20 ක පුද්ගලයින් 71 දෙනෙක් ඊයේ(31) දිනයේදී අමෙරිකාවේ නිව්යෝක් හි ජෝන් කෙනඩි අන්තර් ජාතික ගුවන් තොටුපලේ දී රඳවා තබා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එලෙස රඳවා තබා ගත් රටවල් 20 අතරින් බොහෝමයක් අමෙරිකාව විසින් තහනමට ලක් කරන ලද රටවල් ලෙස හඳුනා ගෙන තිබේ. 

නෝ බෑන් ජේ.එෆ්.කේ නැමැති ස්වෙච්ඡා නීතිඥවරුන්ගේ සංවිධානයට අනුව එලෙස රඳවා ගත් පිරිස අතර ඉරානය, ඉරාකය, සිරියාව, සුඩානය, තුර්කිය, ලිබියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, ප්‍රංශය, ඇල්ජීරියාව, ජොර්දානය, චීනය, මැලේසියාව, කටාර්, සෙනගාලය, ස්විට්සර්ලන්තය, ඇල්ජීරියාව, ඊජිප්තුව හා ගිනියාවට අයත් රටවල ජනතාව සිටින බව සඳහන් කරයි.

කෙසේ වෙතත් එහි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් ගණන පිළිබඳව නිශ්චිත සඳහනක් නොවේ. 

කෙසේ වෙතත් මෙලෙස අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉරානය, ඉරාකය, සිරියාව, සුඩානය, ලිබියාව, යේමනය හා සෝමාලියාව යන රටවල් ඔවුන් තහනමට ලක් කළ රටවල් ඇති බව වාර්තා වෙයි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment