සහල් මිල නිසා මේ දවස්වල පාන්පිටි වලට අධික අලෙවියක්


පසුගිය වකවානුව පුරාම ලංකාවේ සහල් අලෙවිය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් පාන්පිටි අලෙවිය සියයට 50 කින් ඉහළ ගොස් ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර
ව්‍යාපාරික සංගමයේ සභාපති
බන්දුල ජයමාන්න දන්වා සිටී.
මේ නිසා බේකරි නිෂ්පාදනවල අලෙවිය ද සියයට 20කින් පමණ ඉහළ ගොස් ඇත.
 දේශීය සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම සම්බන්ධයෙන් කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ අද පෙරවරුවේ සාකච්ඡාවක නිරත වී ඇති අතර ඉදිරියට සහල් මිල ප්‍රශ්නය සමනය වනතුරු පාන් පිටි පාරිභෝජනය ඉහළින් පවතිනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment