රතන හිමි බැසිල් හමුවෙලා - හෙළ උරුමයෙන් දැඩි තීන්දුවක්?

රතන හිමි බැසිල් හමුවෙලා - හෙළ උරුමයෙන් දැඩි තීන්දුවක්?

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හට ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ නොහැකි බවත් උන්වහන්සේ තම මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජාතික හෙළ උරුමයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරීම සදහා කොළඹදී ඊයේ(16) කැදවා තිබූ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. 

2015 මහ මැතිවරණයෙන් පසුව ජාතික හෙළ උරුමයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර දෙකක් ලබාදීමට එකඟත්වයක් ඇතිවුණු බවත්, රතනහිමියන්ට පක්ෂය විසින් ලබාදුන්නේ එකී මන්ත්‍රී ධූරයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එහෙත් පක්ෂයට ලැබුණු මන්ත්‍රී ධූරය රතනහිමියන්ට ලබාදීමෙන් පක්ෂය විසින් අපේක්ෂා කළ සේවයක් උන්වහන්සේගෙන් නොලැබුණු බවත්, පක්ෂයෙන් ලබාදුන් මන්ත්‍රී ධූරය නැවත පක්ෂයට ලබාදී උන්වහන්සේට ස්වාධීනව ප්‍රකාශ නිකුත් කළ හැකි බවත් රණවක මහතා අවධාරණය කළේය.

මැතිවරණයෙන් පසුව අවස්ථා කිහිපයකදීම රතනහිමියන් ගොස් බැසිල් රාජපක්ෂ මහතා හමුවී ඇති බවත් මෙවන් සිදුවීම් නිසා ක්‍රමයෙන් උන්වහන්සේ හා පක්ෂය අතර දුරස්ථභාවයක් නිර්මාණය වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේ ඉදිරි තත්ත්වය සාකච්ඡා කිරීමට හෙට (17) පක්ෂ මධ්‍යම කාරක සභාව ද කැදවා ඇති බවයි.

තමා පාර්ලිමේන්තුවේ ස්වාධීන වන නමුත් විපක්ෂයට එක්වීමට හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට එක්වීමට කැමැත්තක් නොදක්වන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය ජනවාරි මස 16 වන දා කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පවසා සිටියේ ය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :