‘පෙරැළියක ඇරැඹුම’ ගාල්ලට

‘පෙරැළියක ඇරැඹුම’ ගාල්ලට

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන 'පෙරැළියක ඇරැඹුම' දෙවැනි ජන රැලිය ගාල්ල නගරයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

රට බෙදන ව්‍යවස්ථාව, ජීවන වියදම, පළාත් පාලන මැතිවරණය කල් දැමීම, රාජ්‍ය ආයතන විකිණීම සහ හොරකම, දූෂණය පිටු දකිමින් ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන 'පෙරැළියක ඇරැඹුම' පළමු ජනතා රැලිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27 වනදා නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් පරිශ්‍රයේදී පැවැත්විණි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment