සයිටම් තීන්දුවෙන් පසු ඇමති එස්.බීගෙන් සුබ පැතුම් 

සයිටම් තීන්දුවෙන් පසු ඇමති එස්.බීගෙන් සුබ පැතුම් 

මාලඹේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා නීත්‍යනුකූල බලයක් තිබෙන බවට අභියාචනාධිකරණය විසින් තීන්දු කර තිබීම නිසා තමන් එය නිර්මාණය කිරීමට ශ‍්‍රමයෙන් හා ධනයෙන් කැප වු වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතාට තම සුබ පැතුම් එක් කරන බව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. 

ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සඳහන් කළේ උපාධී ලබාදීමේ ආයතනයක් ලෙස සයිටම් ආයතනය ගැසට් කළේ තමන් උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළ කාලයේ බවයි. 

එසේ සිදුකළේ මෙරට සිටින දහස් ගණනක් සිසුන් තම මුදල් වියදම් කරමින් වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට විදේශ බලා යෑමට සිදුකරන අති දුෂ්කර ක‍්‍රියාවලිය දැකීම නිසා බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

ලංකාවේ ජාත්‍යන්තර පාසල්වල ලක්ෂ 4 හමාරක් සිසුන් ඉගෙන ගන්නා අතර ඔවුන්ට දේශීය විශ්වවිද්‍යාල ස‍ඳහා අයඳුම් කිරීමට කිසිඳු අවස්ථාවක් හිමි නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දුනි.

එමෙන්ම ඔවුන් වෙනුවෙන් මෙවැනි විශ්වවිද්‍යාලයක් ඇති වීම වරදක්ද යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රශ්න කර සිටියේ ය. 

තමා උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේදී ඉංජිනේරු උපාධි ලබාදීමේ ආයතන 07කට සහ තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල 11කට උපාධි ලබාදීම සඳහා අවසර දෙමින් ගැසට් නිවේදන නිකුත් කළ බවද අමාත්‍යවරයා පැවසී ය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment