SAITM ප්‍රධාන විධායකගේ වාහනයට වෙඩි

මාලඹේ SAITM ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමිර සේනාරත්න මහතා ගමන් කළ මෝටර් රථයට සඳුදා සන්ධ්‍යා කාලයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තාවේ.
මාලඹේ චන්ද්‍රිකා

කුමාරතුංග මාවතේදී ඔහු වාහනයේ ගමන් ගනිමින් සිටියදී මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන හිස් ආවරණ පැළඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම ප්‍රහාරය සිදුකර ඇතැයි පැවසේ.

 එම අවස්ථාවේ වෙඩි පහර 4 ක් එල්වී තිබුණ නමුත් රථයේ සිටි අයට වෙඩි පහර නොවැදිණි.

රථයට මෙමගින් අලාභ සිදුව ඇත.සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන අරඹා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment