සයිටම් වෙද විදුහලට එරෙහිව මහින්ද පෙනී සිටී (VIDEO)

සයිටම් වෙද විදුහලට එරෙහිව මහින්ද පෙනී සිටී (VIDEO)

මාළඹේ සයිටම් ආයතනයට එරෙහිව වෛද්‍ය සිසුන් ගෙනයන සටනට කඳුළු ගෑස්, බැට් ප්‍රහාර එල්ල කිරීම වැරදි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔවුන් තමන්ගේ අවනඩුව කියන්නට ජනාධිපතිවරයා සොයා යන්නේ එය කියන්නට වෙනත් කෙනෙකු නොමැති නිසා බව රාජපක්ෂ මහතා කියා සිටියේ ඊයේ (05) කුරුණෑගල ප්‍රදේශයේ පැවති රැස්වීමකදීය.

වෛද්‍ය සිසුන් අනාගතයේ වෛද්‍යවරුන් මෙන්ම අපේම දරුවන් නිසා ඔවුන්ට ඇහුන්කන්දිය යුතු බවත්, ඔවුන් ගේ ඉල්ලීම සාධරණ නම් ඒ සඳහා ක්‍රියා මාර්ග ගත යුතු බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ස්වාධීන ආයතනයක් බවත්, එයට ඇඟිලි ගැසිය යුතු නැති බවත්, වෛද්‍ය පීඨයකින් එළියට එන පුද්ගලයා වෛද්‍ය වෘත්තියට සුදුසුද නැද්ද යන්න තීරණය කිරීමේ අයිතිය වෛද්‍ය සභාවට තිබිය යුතු බවත්, එසේ නොමැති වුවහොත් සියලුමදෙනා වෛද්‍යවරුන් වීමට තීරණය කරනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර ඊයේ දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හමුවූ අවස්ථාවේදී සයිටම් විරෝධී සටනට සහයදෙන බව පැවසීයයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද ද සොයිසා මහතා පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment