ගංඟාරාම නවම් මහා පෙරහැර 09දා සිට

ගංඟාරාම නවම් මහා පෙරහැර 09දා සිට

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්‌ථානය වාර්ෂිකව සංවිධානය කරනු ලබන නවම් මහා පෙරහැර ලබන 09 වනදා සහ 10 වනදා රාත්‍රි 7.00 ට ගංගාරාම විහාරස්‌ථානයෙන් ආරම්භ වේ.

ගංගාරාම විහාරාධිපති, අධිකරණ සංඝනායක පූජ්‍ය ගලබොඩ සිරි ඥනිස්‌සර නාහිමිපාණන්ගේ මඟපෙන්වීම යටතේ මෙම පෙරහැර පැවැත්වේ.

උඩරට පහතරට නැටුම් කණ්‌ඩායම් සියයකට අධික සංඛ්‍යාවකින් හා අනෙකුත් සංස්‌කෘතික අංගවලින් සමන්විත නවම් මහා පෙරහැර ගංගාරාම විහාරස්‌ථානයෙන් ආරම්භ වී සර් ඡේම්ස්‌ පීරිස්‌ මාවත ඔස්‌සේ අරලියගහ මන්දිරය ආශ්‍රිතව වැව වටා සංචාරය කර නැවත විහාරස්‌ථානයට පැමිණීමට නියමිතය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment