පියා අනුකරණය කරන්න ගිය විමල්ගේ දියණිය රෝහලේ


රක්ෂිත බන්ධනාගාරගතව සිටින විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ දියණිය සිය පියා මේ දිනවල උපවාසයක
නිරතවන නිසා ඒ අනුව
යමින් පියාව අනුකරණය කරමින් අද (23දා) නිවසේ සිටියදී සිය ආහාර වර්ජනය කිරීම හේතුවෙන් රෝගාතුරව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි‍.
මන්ත්‍රී විමල් වීරවංශ අද (23දා) දෙවන දිනටත් ආහාර වර්ජනය කර උපවාසයක නිරතවන අතර ඇතැම් දේශපාලන ආරංචි පවසන්නේ ඔහු ඉදිරියේ ආහාර වර්ජන රෝග තත්ව පදනම් කර බන්ධනාගාර රෝහලට මාරුවන්නට උපායක නිරතවන බවකි.
පියා ආහාර ගැනීම වර්ජනය කර ඇති හෙයින් ආහාර ගැනීම වර්ජනය කර ඇති විමල්ගේ දියණිය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන බවත් ඇයට තමන් සිරගතවීම නිසා පාඩම් වැඩ මග හැරෙන බවත් කියමින් විමල් දිගින් දිගටම ඇප ඉල්ලා සිටින නමුත් ඇප ලැබුනේ නැත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment