විදේශිකයන් මග බස්සවාගිය අපේ ගයිඩ් කරපුදේ හරිද?


විදේශිකයන් මග බස්සවාගිය
අපේ ගයිඩ් කරපුදේ හරිද?

මේ දිනවල අන්තර්ජාලයේ පැතිරී යන වීඩියෝවකින් හෙළි කර තිබෙන්නේ ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි ඉංග්‍රීසි බස කථාකරන විදේශික කන්ඩායමක් සෆාරි ජීප් රථයකින් ගමනක් එක්ක ගිය ලාංකික මාර්ගෝපදේශක රියදුරෙකු ඔවුන් සමග ඇතිවූ මුදල් ප්‍රශ්නයක් නිසා අතරමග ඔවුන්ව බස්සවා
යන අයුරුය.
මෙම අවස්ථාවේ පිරිස අතර කේන්තිය මුසුවූ සංවාදයක් ඇතිවන අතර ශ්‍රී ලාංකිකයා එම අවස්ථාවේ තර්ක කරන්නේ 4500 ට කථාකර 3500 ක් ලබාදීම තමාට සිදු කල අසාධාරණයක් බවයි.
සිද්ධිය වීඩියෝ ගත කරනවාට එරෙහිව අසැබි වදනින්ද වචන හසුරුවන ලාංකිකයා ඔවුන්ට මග බසින්ට කියා කෝපයෙන් දන්වා ඔවුන් බැස්ස පසු වේගයෙන් වාහනය පදවාගෙන පිටව යයි.

මෙම කණ්ඩායමේ පිරිමි දෙදෙනකු හා එක් කාන්තාවක සිටි බවද හඳුනාගන්නට ලැබේ.

සිද්ධියට අදාළ වීඩියෝව යූටියුබ් ඔස්සේ අන්තර්ජාලයට මුසු කරන්නේ එක් විදේශිකයෙකු විසිනි. මෙම වීඩියෝව මෙන්ම මේ ආකාර සංචාරක මාර්ගෝපදේශකයින්ගේ හැසිරීම් රැසක් මෙම යූටියුබ් නාලිකාව ඔස්සේ අදාළ විදේශිකයා අන්තර්ජාලයට මුසු කර ඇති සෙයක්ද වාර්තාවේ. ඒ අනුව මෙවැනි දේ අන්තර්ජාලයට වාර්තා කිරීම එක්තරා පුරුද්දක් බවට පත් අයෙකුගේ වැඩක් ලෙස මේ ගැන බැලුබැල්මට පෙනී යයි.

මෙම සිද්ධිය ගැන සම්පූර්ණ විස්තරයක් වීඩියෝවෙන් නොලැබෙන නිසා මෙහිදී වරද කාගෙද යන්න හරිහැටි අවබෝධ කරගන්නට අපහසුය.

අදාළ ශ්‍රී ලාංකිකයා පොළොන්නරුවේ පදිංචිකරුවෙකු බවත් අහිංසක පුද්ගලයෙකු බවත් තතුදත් ආරංචි හෙළි කරන අතර ඔහු මේ ගැන පසුව පවසා ඇත්තේ තමාට විදේශිකයින්ගෙන් අසාධාරණයක් සිදුවූ නිසා ඒ අවස්ථාවේ ඒ ආකාරයට හැසිරුන බවකි.
කෙසේ වෙතත් මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ පැතිරෙද්දී එහි ලාංකිකයා හැසිරුන ආකාරය විවේචනය කරමින් බොහෝ අදහස් පළව තිබුණ අතර ලංකාවේ අය පිට අය ඉදිරියේ ගරුත්වයකින් තොරව කටයුතු කරන බවට හා ඉදිරියේදී ලංකාවට විදේශ සංචාරකයින් පැමිණීම අවම වීමට මෙවැනි දේ ප්‍රචාරයවීම හේතුවිය හැකි බවටද විවේචනය කර තිබුණි.
ආන්දෝලනයට ලක්වූ වීඩියෝව පහතින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. ape minihage waradak na.. dn enna maha higana suddo mala perethayo. lankawe minissu hondai un ekka baluwama. porondu una nam e gana denna one 1000k kiyanne podi ganak nemai ne

    ReplyDelete