ලංකාවට එන්න සිටි රැජිනි කාන්ත් කොටි හිතවාදීන් නිසා ගමන අතාරී


ප්‍රකට දමිළ නළු රැජිනි කාන්ත් ලබන අප්‍රේල් 9 වැනි දා උතුරේ අවතැන් පවුල් 150 දෙනෙකුට නිවාස ප්‍රදානය
කිරීමේ උත්සවයක්

සදහා යාපනයේ සංචාරය ක නිතර වීමට සූදානමින් සිටියත් ඔහුගේ ගමන සැලවී
තමිල්නාඩුවේ කොටි හිතවාදීන් රැසක් ඔහුගේ නිවස වටළා විරෝධය  දැක්වීම  සහ ප්‍රබල දුවිඩ සංවිධාන නායකයින් විරෝධය පළ කිරීම නිසා  එම ගමන අවලංගු කිරීමට තීරණය කර තිබේ.
 ලබන අප්‍රේල් 9 වැනදා යාපනයට පැමිණීමට නියමිතව තිබුණ ද තමිල්නාඩුවේ විමුක්ති කොටි පක්ෂයේ නායක තිරුමානවන්, එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ‍, දෙමළ ප්‍රජා අයිතිය පක්ෂයේ නායක වේලමුරුගන් ඇතුළු දේශපාලකයින් ගේ වචන හා හිතවත් දමිළ රසිකයින්ගේ ඉල්ලීම මත ගමන අවලංගු කරන බව ඔහු නිවේදනයකින් දන්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment