යශෝදරා බාලිකාවට අනවසරෙන් ඇතුළු වූ මහනාමේ සිසුවා පරිවාස භාරයට

බොරැල්ල යශෝදර බාලිකාවට අනවසරෙන් ඇතුළු වීමේ චෝදනාවට ඊයේ අත්අඩංගුවට ගත් කොළඹ
මහානාම විද්‍යාලයේ

උසස්පෙළ සිසුවා පරිවාස භාරයේ තැබීමට අධිකරණය අද නියෝග කර තිබේ.
ඊයේ එම බාලිකා පාසැලට බලෙන් ඇතුළුවූ 50-60 කට ආසන්න පිරිස පොලිසිය බලාසිටියදීම පළා ගොස් තිබුණ අතර එක් අයෙකු පමණක් පාසල් සිසුවියකගේ පියෙකු විසින් අල්ලාගෙන මුරකරුට බාරදීමෙන් පසුව කුරුඳුවත්ත පොලිසියට යොමු කර තිබුණි.
ඔහුව අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කිරිබත්ගොඩ, මාකොළ ප්‍රදේශයේ ඇති පරිවාස මධ්‍යස්ථානයක එම සිසුවා රැදවීමට නියෝග කෙරිණි.
ඊයේ සිදුවීමෙන් පසු කොළඹ සහ ප්‍රධාන නගරවල පිහිටි බාලිකා විදුහල්වලට අද සිට චිශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment