වයස් කාණ්ඩ තුනකට සර්විස් දෙන අත්තිඩියේ ගණිකා මඩම මාට්ටු


ගල්කිස්ස, අත්තිඩිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන තරමක අමුතු ආකාරයේ ගණිකා නිවාසයක්
වැටලීමට ගල්කිස්ස පොලිසිය ඊයේ සමත් වුණා.
එහිදී සේවාවන් සපයන්නට වයස් කාණ්ඩ තුනක් පවතින අතර කිසියම් අයෙකු වයස 20-30 අතර අය සොයන්නේ නම් 24 තරුණියද 30-40 අතර සොයන්නේ නම් 38 කාන්තාවද 50-60 අතර සොයන්නේ නම් 55 කාන්තාවද සපයන්නට පහසුකම් තිබී ඇත.
මෙම ගගණිකා නිවාසයක් වටලණ අවස්ථාවේ එදින සේවයේ නියුතු කළමනාකාරිනිය සහ කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාවන් අවුරුදු 55,38 සහ 24 යන වයස්වල පසු වන දඹුල්ල, පිළියන්දල වලපනේ ප්‍රදේශවල පදිංචි කාන්තාවන් බවට තොරතුරු ලැබී ඇත.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඔවුන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
Share on Google Plus

About Nayomi Kumari

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment