ලසන්ත මරා ඇත්තේ වෙඩි පහරින් නොවේ - උල් ආයුධයකින් - ගොඩගත් මිනිය සාක්ෂි


ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළ විමර්ශනවලදී හෙළි වූ කරුණූ රැසක්
අපරාධ පරීක්ෂණ

දෙපාර්තමේන්තුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළා.
ලසන්තගේ සිරුර ගොඩගැනීමෙන් පසු සිදු කළ පරීක්ෂණ අනුව ඔහුගේ මරණය ස්නයිෆර් වෙඩි පහරකින් සිදුවූ බවට කලින් පැතිර තිබූ ආරංචිය අසත්‍යවී ඇත. විශේෂිත උල් ආයුධයක් මගින් ඔහුගේ මොළයට සිදුවූ හානි නිසා ජීවිතක්ෂයට පත්වූ බව අලුත්ම පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
අද දින ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම සෙසු මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර එකම කල්ලියක වැඩ බවටද තොරතුරු පළවූ අතර ඒ සම්බන්ධයෙන් යුද හමුදා හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ මහතා සහ ඔහු යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් සම්බන්ධ බවට සාක්ෂි ලැබී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට දැනුම් දෙන ලදි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment