මාලදිවයිනෙන් ආ H1N1 රෝගියෙකු නොමළ බව ලංකා හොස්පිටල්ස් දන්වයි


මේ දිනවල සමාජ මාධ්‍ය වල පැතිරෙන ආරංචියකින් තම රෝහලේ නම ඈඳාගනිමින් මාලදිවයිනේ සිට පැමිණි  H1N1 උණ රෝගියෙකු ගැන පදනම් විරහිත කතාවක් කියැවෙන බවත් එවැනි රෝගියෙකු තම
රෝහලට ප්‍රතිකාර ලබාගන්නට
පැමිණ මියගියේ නැති බවත් නාරාහේන්පිට ලංකා හොස්පිටල්ස් පුද්ගලික රෝහල නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.
ලංකාවේ වාසය කරන මාලදිවයින් රෝගීන් සඳහා වෙනම ඒකකයක්ද පිහිටුවා තිබෙන මෙම රෝහලේ අද 17 වනවිට මාලදිවයින් ජාතිකයින් 12 දෙනෙකු නේවාසික ප්‍රතිකාර ලබාගන්නා බවත් ඉන් 10 දෙනෙකු සැත්කම් සඳහා සහ 2 නෙකු වෙනත් හේතු මත ප්‍රතිකාර ගන්නා බවත් සඳහන් කරන රෝහලේ ප්‍රධාන විධායක වෛද්‍ය ප්‍රසාද් මැදවත්ත දන්වා සිටින්නේ   H1N1 රෝගියෙකු මෙම රෝහලට ඇතුළත් කර නැති බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment