පාසල් වයසේ ළමයින් 1,400කට සමාජ රෝග

2016 වර්ෂයේ දිවයින පුරා ලිංගාශ්‍රිත රෝග සායනවලට රෝගීන් 35,000ක් පමණ පැමිණ තිබෙනවා. ඉන් සියයට 4%ක් හෙවත් 1,400ක් පමණ වයස අවුරුදු 18ට අඩු ළමයින් යැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.
අධ්‍යක්ෂවරයා මෙසේ ද කීය. 2016 වර්ෂයේ දිවයින පුරා ලිංගාශ්‍රිත රෝග සායනවලට රෝගීන් 35,000ක් පමණ පැමිණ තිබෙනවා. ඉන් සියයට 4% ක් හෙවත් 1,400ක් පමණ වයස අවුරුදු 18ට අඩු ළමයින්. වයස අවුරුදු 25ට අඩු අය 3,500ක් පමණ ඉන්නවා. තවත් මේ හා සමාන සංඛ්‍යාවක් තමන්ට
රෝගයක් ඇති බව නොදැන සමාජයේ ජීවත් වෙනවා. ඒ වගේම වයස අවුරුදු 15 - 25 අතර පසුවන එච්.අයි.වී. ආසාදිතයන් 25 දෙනකු 2016 දී හඳුනාගෙන තියෙනවා. ලංකාවේ සමලිංගික සබඳතා පවත්වන්නන් දසදහසක් පමණ දැනට හඳුනාගෙන තියෙනවා. මොවුන් අතර බහුතරයක් වයස අවුරුදු 12 - 25 අතර පසුවන්නන්. ඒ වගේම අන්තර්ජාලයෙන්, දුරකතනවලින් සමලිංගික සම්බන්ධතා පවත්වන්නන් සිටිනවා. ගම්බද පාසල් සිසු සිසුවියන් සමාජ රෝගවලට ලක්වීමේ දැඩි අවදානමක් තියෙන බවට හඳුනාගෙන තියෙනවා.
පාසල් පෙළ පොත්වලින් පාසල් සිසු සිසුවියන් දැනුවත් විය යුතු ලිංගික කරුණු දක්වා තිබුණද බොහෝ පාසල් ගුරුභවතුන් එකී පරිච්ඡේද මඟ හරින තත්ත්වයක් දක්නට ලැබෙනවා. ඒ නිසා පාසල් සිසු සිසුවියන්ට පාසලේ දී ලැබිය හැකි දැනුම නොලැබී යෑම ලොකු ගැටලුවක්. මේ ගැන අපේ අවධානය යොමු වී තිබෙනවා. ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් පාසල් ගුරුභවතුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට අදහස් කර තියෙනවා.
පාසල් ආශ්‍රිතව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීම සඳහා බොහෝ විදුහල්පතිවරුන් සහාය දෙන්නේ නෑ.

බද්දේගම - ඕ. කමලනාථ,
ඉමදුව - ටී. විතානවසම්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment