බීබීසී සිංහල සන්දේශය වසර 22 කට පසු නවතී

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට වසර 22 ක් පුරා  ශ්‍රී ලංකාවට ප්‍රවෘත්ති ගෙන ආ බීබීසී සිංහල සන්දේශය ගුවන් විදුලි වැඩසටහන අද (30) වනදා අවසන් කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට බීබීසී මගින් විධිමත් අඩ
හෝරාවක ගුවන් විදුලි වැඩසටහනක්

ගෙන එන්නේ නැත.
ඉදිරියේදී ඔවුන් බීබීසී වෙබ් අඩවිය හා සමාජ මාධ්‍ය පමණක් යාවත් කාල කරන බව අවසන් වැඩසටහනේදී දැනුම් දුන් අතර සිරස නාලිකාවෙන් විනාඩි 5 ක සිරස්තල ප්‍රකාශනය ඉදිරියට ගෙන එන බවද දන්වා ඇත.
ශ්‍රී ලංකාවේ 1989 භීෂණ සමයේ හැමතැනින්ම වාරණය වූ ප්‍රවෘත්ති කෙටි තරංග ඔස්සේ විදේශයක සිට ගෙන එමින් ජනතාව අතර ජනප්‍රිය වූ බීබීසී සිංහල සන්දේශය පසු කලෙක යුද පුවත් වාර්තාකරණයේදීද ඉදිරියෙන් සිටියේය.
බීබීසී නාලිකාව ලෝකය පුරා විවිධ භාෂාවන් ඔස්සේ සන්දේශය හා සමාන වැඩසටහන් පවත්වාගෙන ගිය නමුත් පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම වියදම් කපාහැරීමේ තීන්දුව මත එවැනි වැඩසටහන් නවතා දැමීමට සූදානම්වූ බවද වාර්තා විය.
වර්තමානයේ කෙටි තරංග ඔස්සේ විදෙස් ගුවන් විදුලි වැඩසටහන් ශ්‍රවණය කිරීම විරල වාතාවරණය තුළ මෙම වැඩසටහන නවතා දැමීමට ඒ අනුව කටයුතු යෙදී තිබේ.
මෙම වැඩසටහන නතර කරමින් බීබීසිය මෙසේ කියා තිබේ.

‘කෙටි තරංග විකාශනය අවසන් කිරීමත් සමග ඇරඹෙන්නේ බීබීසී සිංහල සේවය සිය වෙබ් අඩවිය හා සමාජ මාධ්‍ය කෙරෙහි වැඩි වශයෙන් නැඹුරුවන නව යුගයකි. එහිදී විවිධ මාධ්‍ය අතර සරන සිංහල භාෂාව කතාකරන ග්‍රාහකයින් කෙරෙහි අපගේ අවධානය යොමුවේ.වසර 22ක කාලයක් එක්ව සිටි සිය ශ්‍රාවකයින් වෙත බීබීසී සිංහල සේවය ස්තුතිය පළ කරයි.‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment