22 සඳුදා උදේ කැබිනට් සංශෝධනය ස්ථිරයි - ඇමති ගයන්තගෙන් නිවේදනයක්

පසුගිය දින කිහිපයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ පරිදි 22 සඳුදා උදෑසන කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කෙරෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා 21 රාත්‍රිෙය් මාධ්‍ය වෙත පවසා
තිබේ.
21 ඉරිදා සවස අග්‍රාමාත්‍යවරයා සමග එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සම කැබිනට් ප්‍රකාශකවරයා හැටියට ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මෙම සංශෝධනය සම්බන්ධ විවිධ ආරංචි පැතිර තිබෙන අතර මුදල් ඇමති ධූරය වෙනස් කිරීම, ශ්‍රිලනිප කැබිනට් ප්‍රකාශක ධූරය වෙනස් කිරීම ඇතුළු ආන්දෝලනාත්මක වෙනස්කම් රැසක් සිදුවනු ඇති බවට ඉඟි පළ කරමිනි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment