මැයි රැළියට යමින් සිටි සුසිල් -ලොහාන් බස් මගී ගැටුමින් රියදුරු රෝහලේ

ඊයේ (1) මැයි දින රැළි සඳහා සහභාගී වන්නට ශ්‍රීලනිප නියේජනය කරන සුසිල් ප්‍රේමජයන්ත් ඇමතිවරයාගේ
පාක්ෂික පිරිසක්
ගමන් කළ බස් රථයකට වරකපොළ ප්‍රදේශයේදී පහරදීමක් සිදුව ඇත. එසේ පහරදීම සිදු කර ඇත්තේ ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ පාක්ෂික පිරිසකි. ඔවුන්ද වෙනම බස් රථයකින් ගමන් කරමින් සිටියදී වරකපොල තෝලංගමුව ප්‍රදෙශයේදී බස් රථ නවතා පහරදීම සිදු කර ඇති අතර එම අවස්ථාවේ ලොහාන් රත්වත්තේ පාක්සිකයෙකු සුසිල් පාක්ෂික රථයේ රියදුරුට බෝතලයකින් පහරදීම නිසා ඔහුව රෝහල් ගත කර තිබේ.
මෙම ගැටුම නිසා එම බස් රථයේ ගමනද නැවතුණ අතර රියදුරු වරකපොල රෝහලට ඇතුළත් කර සිද්ධිය වරකපොළ පොලිසියට පැමිණිලි කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment