දරු තිදෙනා එල්ලා තමනුත් එල්ලී මියගිය නරුම පියා



ගෙට ගිනි තබා දරු තිදෙනා එල්ලා 
තමනුත් එල්ලී මියගිය නරුම පියා


පියකු විසින් සිය දියණියන් දෙදෙනා සහ පිරිමි දරුවාගේ දෑත් පිටුපසට කර බැඳ එල්ලා  තමනුත් ගෙල වැළලා මියගිය පුවතක් කඹුරුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඊයේ (26) රාත්‍රියේ කඹුරුපිටිය පොලිස් වසමේ බෙරලිඅතුර ප්‍රදේශයේ නිවසක් ගිනි ගන්නා බවට 119 ට ලද තොරතුරකට අනුව පොලිසිය ගොස් සිදු කළ පරීක්ෂාවකදී මේ බව අනාවරණය විය.
පොලිසිය අදාළ ස්ථානයට යන විටත් ගින්නෙන් නිවස මුළුමනින්ම විනාශ වී ගොස් තිබූ අතර නිවස ඉදිරිපිට ඇති ගස් දෙකක් අතර
හරහට දැමූ උණ ලීයක ගැට ගැසූ

තංගුස් ළණු ආධාරයෙන් එල්ලී මරණයට පත්ව සිටි මෙම දැරියන් දෙදෙනා, පිරිමි දරුවා සහ සැකකාර පියාගේ මළසිරුරු හමු වී තිබුණි.
මරණයට පත්ව ඇති සැකකාර පියා වයස අවුරුදු 44 ක් වූ පතිරණගේ ප්‍රියන්ත නැමැත්තෙකි. වයස අවුරුදු 16 ක් වූ කෞෂල්‍යා සෙව්වන්දි සහ වයස අවුරුදු 10 ක් වූ හිරුණි සෙව්වන්දිකා දියණියන් දෙදෙනායි. මෙම සැකකාර පියාගේ පුත්‍රයා අවුරුදු 14 ක සාමනේර හිමිනමකි.
සිද්ධිය ඇති වූ අවස්ථාවේදී  හිමිනම නිවසට පැමිණ ඇති බවද පැවසිණි.
දරුවන්ගේ මව සහ පියා අතර ඇතිවූ පවුල් ආරවුලක් මෙම සිද්ධියට මුල්ව ඇති අතර මාසයකට පමණ පෙර දරුවන් හා සැමියා අතහැර ඇය නිවසෙන් පිටව යාමෙන් පසු ඔහු මරු විකලෙන් කෝපයෙන් සිට ඇත.
සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment