මියන්මාර ගුවන් අනතුරින් මගීන් සිය ගණක් මරුට



අද දහවල් මියන්මාරයේ ගුවන් යානයක් අතුරුදන් බවට ආරංචි පැතිර ගිය අතර සවස වාර්තාවූයේ අන්දමන්
දූපත් ආසන්නයේදී

කඩා වැටුණ යානයේ සුන් බුන් හමුවූ බවටයි. මෙම අනතුර නිසා මගීන් සියයකට අධික පිරිසක් මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.
කඩා වැටී ඇත්තේ මියන්මාර හමුදා ගුවන් යානයක් වන අතර එහි හමුදා නිලධාරීන් හා පවුල් වල අයත් දරුවනුත් සිටි බවට වාර්තා තිබේ. පුද්ගලයන් 116 ක් එහි සිටි බවට හා පුද්ගලයින් 105 ක් එහි සිටි බවට ලෙස පරස්පර වාර්තාද නිකුත්ව ඇත.අද දහවල් 1.35 ට පමණ පිටත්වී මියෙක් සහ යැන්ගොන් අතර අන්දමන් මුහුදු ප්‍රදේශයේදී අතුරුදන්ව තිබුණ මෙම යානය සවස අන්දමන් මුහුදේදී කැබිලිවී හමුවිය.
යානයේ සුන්බුන් පිරික්සීමට නෞකා සහ ගුවන් යානා එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment