ප්‍රින්ස් උදය ප්‍රියන්ත සමුගනී





ප්‍රින්ස් උදය ප්‍රියන්ත සමුගනී

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූයේය.
මියයන විට ඒ මහතා 47 හැවිරිදි වියේ පසු විය.
මීට මාස ගණනාවක සිට රෝගාතුරව කල් ගත කළ ප්‍රින්ස්ගේ ප්‍රතිකාර වෙනුවෙන් කලා ශීල්පීන් රසිකයින් එක්වී විවිධ අරමුදල් රැස්කිරීමේ කටයුතුද ඔහුට ඉක්මන් සුවය පතා බෝධිපූජා ඇතුළු පින්කම්ද සිදු කර තිබුණි.

පෙම්වතුන් සිනාසේ, වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි, සඳරේණු වෑහෙනා
මේ සීත රාත්‍රියේ,
කවි කියන්න වරම් දෙන්න සරස්වතී දේවී, මෝදු වෙලා පායාවිද ගොම්මන් රෑ සඳ ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ ප්‍රින්ස් 1990 දශකයේ මතුවූ ජනප්‍රිය ගීත ශෛලියක පුරෝගාමියා විය. සිංහල ගී කැසට් පට ප්‍රකටව පැවති යුගයේ වැඩිම අලෙවි වාර්තා තැබූ ගායකයෙකි.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
ප්‍රින්ස් ගැයූ ගී එකතුවක් පහතින්



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment