රනිල්ගේ දේශපාලන දිවියට වසර 40 පිරෙන නිසා 27 දා සිට උත්සව

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 ක්‌ පිරීම සහ රටට විවෘත ආර්ථිකය හඳුන්වාදී වසර 40 ක්‌ සැපිරීම නිමිත්තෙන් ලබන 27 දා සිට සති දෙකක්‌ උත්සව මාලාවක්‌ පැවැත්වීමට එක්‌සත් ජාතික පක්‍ෂය කටයුතු යොදා ඇත.

මෙම උත්සව මාලාව පැවැත්වෙනුයේ මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී වන අතර එහිදී විශේෂ ප්‍රදර්ශනයක්‌ ද පැවැත්වීමට නියමිතය.

1977 ට පෙර මෙරට පැවැති තත්ත්වය සහ ඉන්පසුව රට ලැබූ දියුණුව පිළිබඳව නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් එම ප්‍රදර්ශනය දින තුනක්‌ පැවැත්වෙනු ඇත.
එය පාසල් දරුවන් ඇතුළු සියලු දෙනාටම නැරඹීමට අවස්‌ථාව උදාකර දී තිබේ.

අගමැතිවරයාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 ක්‌ පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන ප්‍රධාන සැණකෙළිය ගාලු මුවදොර පිටියේදී ලබන අගෝස්‌තු මස 05 වැනි දින සවස පැවැත්වේ. විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා විසින් මෙය සංවිධානය කරනු ලබයි.

ඊට සමගාමීව ආගමික කටයුතු මහනුවර දළදා මාළිගා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. එය ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සංවිධානය කරනු ඇත.

ඊට අමතරව තරුණ සේවා සභා පරිශ්‍රයේදී නිවාස හා ඉදිකිරීම්, අධ්‍යාපන, තරුණ, මහපොළ, සංස්‌කෘතික, වෙළෙඳ නාවික, ප්‍රවාහන, යන විෂයන්හි දියුණුව සම්බන්ධව ද ප්‍රදර්ශනයක්‌ පවත්වන අතර එය සජිත් ප්‍රේමදාස, අකිල විරාඡ් කාරියවසම්, රවී කරුණානායක යන ඇමැතිවරුන් විසින් සංවිධානය කිරීමට නියමිතය.

(අකිත පෙරේරා)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment