ඩ්‍රෝන් වලින් පොටෝ ගහනවට අපි නීති ගේනවා - ඇමති නිමල් සිරිපාල


රූගත කිරීම් සඳහා ගුවන්ගත කරන සෑම ඩ්‍රෝන යානාවක්‌ම සහ ඒවා ක්‍රියාත්මක කරන්නන්ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි වීම අනිවාර්ය කෙරෙන නීති හා රෙගුලාසි ඉදිරියේදී පාර්ලිමේන්තුවට පනතක්‌
මගින් ඉදිරිපත් කිරීමට තීරණය කර බවද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම පිළිබඳ නීති පද්ධතියක්‌ සැකසීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පැවැත්වූ වැඩමුළුවකට පසුගියදා එක්‌වෙමිනි.

දැනට මෙම ඩ්‍රෝන යානා අක්‍රමවත් ලෙස ක්‍රියාත්මක
කෙරෙන බවද එනිසා ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචිය හා අවසරය පමණක්‌ නොව ඊට අමතරව ආරක්‍ෂක අමාත්‍යාංශයේද අදාළ ප්‍රදේශයේ සංස්‌කෘතික, පුරාවිද්‍යා, වාරිමාර්ග හා බලශක්‌ති අධිකාරිවලද, පොලිස්‌ ස්‌ථානයේද අවසරය ලබාගැනීම සඳහා නීති සකසන සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඩ්‍රෝන යානා නිසා ගුවන් යානාවලටද අනතුරු සිදුවීමේ අවදානමක්‌ ඇතැයි කී ඇමැතිවරයා නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා යෑවීම ජාතික ආරක්‍ෂාවටද තර්ජනයක්‌ බවද කීවේය.

කෙසේ වෙතත් විනෝදාංශයක්‌ හා අධ්‍යාපනික අරමුණු වෙනුවෙන් ග්‍රෑම් 200 ට අඩු බරකින් යුත්, කැමරාවක්‌ හෝ රූගත කිරීමේ උපකරණ සවිකර නැති ඩ්‍රෝන යානාවක්‌ ගෙවත්තේ සිට අඩි 150 කට අඩු ගුවන් පරාසයක්‌ තුළ ගුවන් ගතකිරීම සඳහා ඉහත ලියාපදිංචිය අවශ්‍ය නොවන බවද ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.

ඇතැම් පිරිස්‌ ඩ්‍රෝන කැමරා අවභාවිත කරමින් අනවශ්‍ය දර්ශන රූගත කරන බවද පෞද්ගලික දේපළ හා නිවාස, ආසන්නයේ වීඩියෝ දර්ශන පවා ලබාගන්නා බවට පැමිණිලි රැසක්‌ ලැබී ඇතැයිද ඇමැතිවරයා කීවේය.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment