හැරී කුමරු හා ඇමරිකානු නිළි මේගන් අතර පළහිලව්ව නැවත කරළියට

බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු පසුගිය මාර්තු මාසයේ ඇමරිකානු නිළි මේගන් මාර්කල් සමග එක්ව ගතකරමින් සිටියදී ලබාගත් ඡායාරූප කිහිපයක් නිසා මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති විය. බ්‍රිතාන්‍යයේ
ඩේලි මේල් පුවත්පත
මගින් එම ඡායාරූප මුල්වරට ප්‍රසිද්ධ කළ පසු රාජකීයයන්ගේ ආරක්ෂාව ගැන මෙන්ම පුද්ගලික රහස්‍යභාවය ගැන විවිදාපන්න කරුණු සාකච්ඡාවට ලක්වූ අතර හැරී කුමරු පසුගිය සතියේ නැවත ඒ ගැන මතක් කරමින් සිදු කර තිබෙන ප්‍රකාශයක් නිසා ඒ ගැන මාධ්‍ය සංවිධාන විසින් පියවරක් ගනු ඇතැයි වාර්තා පළව තිබේ.
මේගන් හා හැරී කුමරු අතර පෙම් සබඳතාවය ප්‍රකට වූ සමයේ ඇය අනාගතයේ හැරී කුමරු විවාහකරගනු ඇති බවටද වාර්තා පළවූ අතර මේ නිසාම ලොව පුරා මාධ්‍ය වෙත මෙම පුවත වැදගත් එකක් වී තිබුණි.
හැරී කුමරු පසුගියදා  ප්‍රකාශ කළේ ඡායාරූප ශිල්පියා එම ඡායාරූප ලබාගන්නට අනවසරයෙන් තමා සිටි දෙසට යාර 500 පමණ සමීපයට පැමිණෙන තුරු තමන් දැන නොසිටි බවත් මෙම තත්වය ආරක්ෂාවට තර්ජනයක් වූ බවත්ය.
ආන්දෝලනය ඇති කළ මේගන්ගේ හා හැරීගේ ඡායාරූප ඇතුළත් විඩියෝවක් පහතින්




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment