වසරේ කාන්තාව තලතා අතුකෝරල


කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති Top “50” Professional & Career Women Awards Sri Lanka-2017 සම්මාන උළෙලේදී වසරේ කාන්තාව ලෙස රන් සම්මානය විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල
මහත්මියට හිමිවිය.

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් සිදු කළ සේවාව හා දේශපාලනික වශයෙන් එ් මහත්මයි ලබාගත් ජයග්‍රහණයන් හා සිදු කළ සුවිශේෂි දායකත්වය වෙනුවෙන් International Finance Cooperating සහ Women in Management ආයතන විසින් මෙම සම්මානය පිරිනමන ලදී.

සිය සොහොයුරා වන දිවංගත ගාමිණි අතුකෝරල මහතාගේ අභාවයෙන් පසු 2004 වසරේ දේශපාලනයට පිවිසි තලතා අතුකෝරළ මහත්මිය එතැන් පටන් පැවති පාර්ලිමේන්තු මැතිවරණවලදී නොකඩවා රත්නපුර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ පළමුවැනියා ලෙස වැඩිම මනාප ලබා ගත්තාය.
එසේම 2015 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉදිරිපත් වූ කාන්තා අපේක්‍ෂිකාවන් අතරින් මනාප 144960 ක් ලබා ගනිමින් පළමු ස්ථානය හිමිකර ගෙන ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment