රෝගීන් සඳහා නොමිලේ ප්‍රතිකාර දෙන්න මාළඹේ රෝහල අද සිට විවෘතයි


ලංකාවේ රජයේ රෝහල් ලැයිස්තුවට එක්වන නවතම රෝහල ලෙස නෙවිල් ප්‍රනාන්දු රෝහල අද සිට
මහජනයාට විවෘත වනු ඇත. ජනපති මෛත්‍රිපාල සිරිසේන අතින් එය ජනතා අයිතියට පැවරීමේ උත්සවයක් අද උදෑසන පවත්වන්නටද නියමිතය.
මේ දක්වා රෝගීන් හිඟයකට මුහුණපා සයිටම්
සිසුන්ගේ ශික්ෂණ කටයුතු වලට පමණක් උදව් කළ පෞද්ගලික රෝහලක් වූ මෙය රජයට පවරාගත් පසු රෝහල් කාර්ය මණ්ඩලය රජයෙන් වැටපු ලබනු ඇති අතර රජයේ වෛද්‍යවරුන් සේවයට පැමිණෙනු ඇත.
මෙය හික්ෂණ රෝහලක් ලෙස ස්ථිපිත කිරීමට අවශ්‍ය කටයුුතුද ඉදිරියේදී රජය සිදු කරනු ඇත.
සයිටම් රජයට පවරාගැනීමට උද්ඝෝෂණ පවතින අතරේ නෙවිල් ප්‍රනාන්දු රෙඑා්හල රජයට පවරාගැනීම රජය සිදු කලේ සයිටම් සිසුන්ගේ පහසුව පිණිස යයි පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා එල්ල කර තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment