යාපනය කෝවිලක ළිඳකින් කොටි ආයුධ තොගයක්

යාපනය කරෙයිනගර් රාජරාජේශ්වරී අම්මාන් හින්දු කෝවිල අසල පිහිටි පාළු ළිඳක තිබී 29දා සවස
ක්ලේමෝ බෝම්බ ඇතුළු
යුද උපකරණ රැසක් සොයාගෙන ඇත.
කෝවිලේ ළිඳ යුද සමයෙන් පසු භාවිත කර නොමැත. එය භාවිතයට සුදුසු පරිදි පවිත්‍ර කරමින් සිටි ප්‍රදේශවාසීන් පිරිසක් මුලින්ම යුද උපකරණ දැක නාවික හමුදාව වෙත දැනුම් දී තිබේ.

නාවුක හමුදාව හා පොලිසියේ මැදිහත්වීමෙන් ළිඳ තුළ තිබී ක්ලේමෝ බෝම්බ 09ක්, කුඩා ප්‍රමාණයේ ක්ලේමෝ බෝම්බ 06ක්, මෝටාර් උණ්ඩ 02ක් හා පීඩන බෝම්බ 02ක් සොයාගෙන ඇත. මේවා කල් ඉකුත් වූ තත්ත්වයේ තිබූ බව පවසන නාවික හමුදාව ළිඳෙන් ගොඩගත් පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කර විනාශ කිරීමට පියවර ගෙන ඇත.
යුද සමයේදී කොටි සංවිධානය යුද උපකරණ තොගය ළිඳ තුළ සඟවන්නට ඇති බවට යාපනය පොලිසිය සැක පළ කර සිටියි.

මුලතිව් ශෂිකුමාර්, වවුනියාව - රසාදි චතුරංගි
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment