අධ්‍යක්ෂවරු හය දෙනෙක් මට ලිංගික යෝජනා ගෙන ආවා -මියුසික් වීඩියෝ නිළි ශෂි ඇංජලීනා


අධ්‍යක්ෂවරු හය දෙනෙක්
මට ලිංගික යෝජනා ගෙන ආවා

-මියුසික් වීඩියෝ නිළි ශෂි ඇංජලීනා හෙළිකරයි


ලංකාවේ වැඩිම මියුසික් වීඩියෝ ප්‍රමාණයකට (151) නිළියක ලෙස දායකවූ බව කියන ශෂි ඇංජලීනා  මේ කාලයේ කථාබහට ලක්ව ඇති නිරුවත, අඩනිරුවත හෝ සරාගී දර්ශන වලට අකමැති නිළියකි.
 ඇයට චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ගෙන එන අනියම් ඇසුරු යෝජනා පිළිබඳව ඇය මුල්වරට මෙවර සති අන්ත පුවත්පතකට හෙළි කර තිබේ. ඒ මෙසේය.
‘මම බණ්ඩාරවෙල දියතලාවේ. දැන් නම් පදිංචිය කොළඹ. මම වෙනත් වෘත්තියක් කරන්නේ නැහැ. රඟපෑම හා නිවේදනය විතරයි
කරන්නේ. මම
අවිවාහකයි.අම්මයි, මල්ලියි, මමයි ආදරෙන් ජීවත් වෙනවා.
සාමාන්‍ය ජීවිතයේදී මම බටහිර විලාසිතා අනුගමනය කරනවා. කොටට අඳිනවා. Music Video වලටත් ඒ විදියට අඳිනවා. හැබැයි ඔය කියපු විදියේ දර්ශනවලට නම් පෙනී ඉඳලාම නැහැ.
Youtube වල දෙස් විදෙස් Music Video අති විශාල ප්‍රමාණයක් සැරිසරනවා. ඔය අතරින් බහුලව තියෙන්නේ ලිංගිකත්වය මතු කරන ඒවා. අදාළ කතාවට අනුව කලාත්මකව එය මතුකළාට වරදක් නැහැ. ඒත් එවැනි නිර්මාණයකට ආරාධනා ලැබුණොත් මම රඟපාන්න කැමති නැහැ .
Music Video එකක හෝ උසස් සිනමා නිර්මාණයක හෝ කවර නිර්මාණයක හෝ එවැනි දර්ශනවලට මම යන්නේ නැහැ කියන එක මගේ පෞද්ගලික ප්‍රතිපත්තියක්.
 මම වසර ගණනක් ‘දෙරණ’ නාලිකාවේ නිවේදිකාවක් විදිහට කටයුතු කළා. දැන් ‘සියත’ රූපවාහිනියේ නිවේදිකාවක් විදියට කටයුතු කරනවා. මේ වෙද්දී ටෙලි නාට්‍යය 4ක රඟපාලා තියෙනවා. සිනමාව තුළ නම් චිත්‍රපට දෙකක විතරයි රඟපාලා තියෙන්නේ.
මට අවස්ථා තිබුනා නමුත්  හොඳ අවස්ථා ලැබෙන්නේ අඩුවෙන්.(සිනාසී)
රඟපෑ චිත්‍රපට ප්‍රමාණය 2ක් වුණාට මේ වෙද්දී මම චිත්‍රපට 6ක් ප්‍රතික්‍ෂේප කරලා තියෙනවා. ඒ චිත්‍රපට හයේම අධ්‍යක්ෂවරු මට ලිංගික යෝජනා ගෙන ආවා. ඒ හින්දයි ඒ අවස්ථා ප්‍රතික්‍ෂේප කළේ.
අනිත් අය ගැන නම් මම දන්නේ නැහැ. හැබැයි ඒ අධ්‍යක්ෂවරු 6 දෙනාම මට කිව්වේ නිළියක් වෙන්න නම් ඒ විදියේ කැපකිරීමක් කරන්න ඕනේ කියන එක. ඒ අතරින් පස්දෙනෙකුට මම කෙළින්ම විරෝධය එල්ල කළා. එක්කෙනෙකුට තදින් කතා කරලා බනින්නත් සිදුවුණා.
 නවක අය වගේම ප්‍රවීණ අධ්‍යක්ෂවරුත් එතැන හිටියා. ඒ අයගෙ නම් කියන එක හරි නෑ. ඒත් ක්ෂෙත්‍රයේ ඉහළ නමක් දිනූ අය තමයි.‘

සටහන - ආරියවංශ කුලතිලක (ලක්බිම)






Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment