වසර 16 ක් තිස්සේ දඹුලු විහාරය ලක්ෂ 385 ක් සුද්දන්ට ටිකට් විකුණලා

රංගිරි දඹුලු විහාරය බෞද්ධ සිද්ධස්ථානයක් බැවින් එය නැරඹීමට එන විදේශිකයන්ට ප්‍රවේශපත් නිකුත් කිරීම බෞද්ධ විරෝධී හෙයින් ප්‍රවේශපත් අලෙවිය නවතා දමන්නැයි මධ්‍යම සංස්කෘතික අධිකාරියෙන් ඉල්ලූ දඹුලු
විහාරය පසුගිය කාලය පුරාම විදේශිකයන්ට ප්‍රවේශපත් අලෙවි කර මුදල් උපයා ඇතැයි හෙළිව තිබේ.

වසර 1993

දෙසැම්බර් 27 වැනිදා මධ්‍යම සංස්කෘතික අධිකාරියට ලිපියක් යොමුකරමින් මේ ඉල්ලීම කර තිබේ.

අදාළ ලිපිය යොමුකර ඇත්තේ එවකට රංගිරි දඹුලු රජමහා විහාරයේ භාරකාරයාව සිටි ඉනාමළුවේ සුමංගල හිමියන් විසිනි.

එම ලිපියට අනුව මධ්‍යම සංස්කෘතික අධිකාරියේ අධ්‍යක්ෂවරයා 1994 ජනවාරි 01 වැනිදා එය අත්හිටුවීමට නියෝගකර තිබේ.

කෙසේවුවද, 1999 වසරේ සිට දඹුලු විහාරය නැරඹීමට පැමිණෙන සංචාරකයකු සඳහා රුපියල් 1,500ක ප්‍රවෙශපත්‍රයක් නිකුත් කර ඇතැයි හෙළිව තිබේ.

එසේ වසර 2015 දක්වා වසර 16ක කාලයක් තුළ ප්‍රවේශපතුවලින් රුපියල් 38,534,500 ක් උපයාගෙන ඇත.

මේ දත්ත බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද වාර්තාවක දැක්වේ.

කෙසේවුවද, අදාළ වාර්තාවට අනුව එම කාලය තුළ එක් දිනකට දඹුලු විහාරය නැරඹීමට විදේශිකයන් පස්දෙනෙකු හෝ පැමිණ නොමැත.

(Courtesy by - Ravaya)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment