අත්තිඩියේ කොමර්ෂල් බැංකුව කොල්ලකා ලක්‍ෂ 16ක්‌ පැහැරගනී- හොරා බදාගත් සිකියුරිටි මරා දමලා


ඊයේ මහදවල් අත්තිඩියේ කොමර්ෂල් බැංකුව
කොල්ලකා ලක්‍ෂ 16ක්‌ පැහැරගෙන

හොරා බදාගත් සිකියුරිටි මරා දමලා

රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි කොමර්ෂල් බැංකු ශාඛාවට ඊයේ (10 දා) දහවල් ෆුල්ෆේස් හෙල්මට්‌ පැළඳ කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනකු බැංකු ආරක්‌ෂක නිලධාරීන්ට වෙඩි තබා එක්‌ නිලධාරියකු ඝාතනය කර ගනුදෙනුකරුවකු සතුව තිබූ රුපියල් ලක්‌ෂ 16 ක්‌ කොල්ල කා පළාගොස් තිබේ.
කොල්ලකරුවන් බැංකුවට පැමිණෙන විට ගනුදෙනුකරුවන් 10 දෙනකු පමණ එහි සිට ඇත. එක්‌ අයකු බැංකුවේ තැන්පත් කිරීමට රැගෙනවිත් තිබූ රුපියල් ලක්‌ෂ 18 ක මුදලින් ලක්‌ෂ 16 ක්‌ කොල්ලකරුවන් පැහැරගෙන ගොස්‌ ඇති අතර ඉතිරි ලක්‌ෂ 2 බිම වැටී තිබියදී හමුවී ඇත.
කොල්ලකරුවන් දෙදෙනා බැංකුවට කඩා වැදුණු අවස්‌ථාවේ මියගිය ආරක්‌ෂක නිලධාරියා
එක්‌ අයකු බදාගෙන ඇත.
එහිදී කොල්ලකරු ආරක්‌ෂක නිලධාරියාගේ හිසට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
මියගිය ආරක්‌ෂක නිලධාරියා සමඟ බැංකුවේ ආරක්‌ෂක නිලධාරීන් තිදෙනකු සිට ඇත. එක්‌ නිලධාරියකු සතුව රිපීටර් වර්ගයේ ගිනි අවියක්‌ තිබී ඇතත් ඔහු කොල්ලකරුවන්ට වෙඩි තබා නැත. කොල්ලකරුවන් ගිනි අවිය තබාගෙන සිටි නිලධාරියාටද වෙඩි තබා තිබූ ගිනි අවිය බැංකුවෙන් පිටතට ගෙනවිත් දමා ගොස්‌ තිබියදී පොලිසියට හමුවී ඇත.
මෙහිදී වෙඩි වැදී මියගොස්‌ ඇත්තේ කමල් ගුණවර්ධන (56) නමැති බණ්‌ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බරපතළ තුවාල ලැබූ තවත් ආරක්‌ෂක නිලධාරියකු කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
කොල්ලකරුවන් දෙදෙනා බැංකුව කොල්ල කෑමට පැය භාගයකට පමණ පෙර යතුරුපැදියෙන් ගොස්‌ දෙහිවල ලිසිං ආයතන දෙකකට ඇතුලුවීමට උත්සාහ දරා එම ස්ථාන දෙකේදීම ආරක්ෂක අංශ අවහිර කිරීමෙන් පසු පිටවගොස් පසුව මෙම බැංකුවට ඇතුළුවී ඇති බවට තොරතුරු අනාවරණයවී තිබේ.
සැකකරුවන් බැංකුවට කඩා වදින ආකාරය සහ ඔවුන් යතුරුපැදියෙන් පැමිණෙන ආකාරය ඇතුළු අවස්‌ථා ගණනාවක්‌ සී. සී. ටී. වී කැමරා පද්ධතියේ සටහන් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment