ඩලස්ගේ සති 2 අනාවැකිය සඵල නොවේ


මීට සති දෙකහමාරකට පෙර ජුලි 20 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම දැක්වූයේ එක්සත් ජනතා
නිදහස් සන්ධානයෙන්
පාර්ලිමේන්තුවට පත්ව රජයේ තනතුරු දරන මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ඉදිරි සති දෙකේදී සිය තනතුරුවලින් ඉවත්ව ආණ්ඩුව කඩාවැටීම අනිවාර්යයෙන් සිදුවන බවකි.
ඔහුගේ ප්‍රකාශය සිදුකර සති 2 පසුකර ගියත් තවම එවැන්නක් සිදුවී නැත.
එම ප්‍රකාශයෙන් පසුව ඛනිජ තෙල් වර්ජනය හා වරාය වර්ජනය සිදුවුවත් ඒවා ආණුඩුවට තදබල බලපෑම් කරන්නට පෙරාතුව විසඳීම් වලට ගිය අතර ඛන්ජ තෙල් වර්ජනය අවස්ථාවේ හමුදාව යොදා එය පාලනය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් ඇතුලු පිරිසගේ දෝෂ දර්ශනයට ලක් විය.
ඒකාබද්ධ විපක්ෂය මේ දිනවල උත්සාහ දරන්නේ රවී කරුනානායකට එරෙහිව විශ්වාස භාගය ගෙන ඒමටය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment