පසුගිය 25දා පාර්ලිමේන්තු ඉතිහාසයේ අපකීර්තිමත් දවසක් Ceylon News 24x7 12:23:00 PM News Edit පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ පළාත් පාලන මැතිවරණ විමසීම් සංශෝධිත පනතින් රාජ්‍ය සේවකයාට පළාත් පාලන ආයතනවලට තරග කිරීමේ අයිතිය කප්පාදු කර ඇති බවත් එම පනතට විරුද්ධව ඡන්ද අයිතිය අහිමිවන රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් ඉදිරියේදී අධිකරණයට යනු ඇති අතර ඊට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයද ගත හැකි නෛතික හා දේශපාලනික ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමි මන්ත්‍රීවරයා සදහන් කළේ පසුගිය 25දා පැවැති ඡන්ද ක්‍රමය සම්මත කිරීම පාර්ලිමේන්තු ඉතිහාසයේ නෛතික වශයෙනුත්, දේශපාලන වශයෙනුත් ඉතා අපකීර්තිමත් දිනයක් වන බවයි. "මේ ආණ්ඩුව බලයට ආ පසු ඉතා ඉහළින් පුරසාරම් දෙඩුවා තාරුණ්‍ය ඡන්ද ඉහළින්ම ලැබුණා කියලා. ඒ වගේම ඉතා ඉහළින් තැපැල් ඡන්ද ලබාගැනීමට හැකිවුණා කියලා. හැබැයි මේ පනත හරහා රාජ්‍ය සේවකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කප්පාදු කිරීම කනගාටුවට වගේම ලැජ්ජාවට කාරණයක්. අපි මේ අසාධාරණයෙන් රාජ්‍ය සේවකයා මුදාගන්න අවශ්‍ය නීතිමය හා දේශපාලන වශයෙන් සියලු ක්‍රියාමාර්ග ගන්න සූදානම්. මොකද අතීතයට බලපාන ආකාරයට යෝජනා ගෙනත් තියෙන නීතියක්. නීතිපතිවරයාගේ එකඟතාව මෙයට තියෙනවද කියලා අපි ඇහුවා. මේ විදියට රාජ්‍ය සේවකයා ඉවත් කරන පනත වහාම ඉවත් කරන්න. සමෘද්ධි කටයුතු විෂය භාර ඇමැතිත් මේකට පක්ෂ වෙලා. හරිම කනගාටුයි. අපි කියනවා මේ පුරවැසි අයිතිය මොනයම් ක්‍රමයකින් හෝ පාගා දාමු දවසක. මොන පක්ෂයක වුවත් ඒ සියලු රාජ්‍ය නිලධාරීන්ට ආරාධනා කරනවා ඒකාබද්ධ විපක්ෂය සමඟ අත්වැල් බැඳගන්න කියලා." Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment