උමා ඔය ගැටලූ සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් !

උමා ඔය ගැටලූ සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් !

මේ යෝජනාව බාර දී ඇත්තේ ජේ.සී. අලවතුවල, මුජිබර් රහුමාන්, චමින්ද විජේසිරි, අරවින්ද කුමාර්, රවින්ද්‍ර සමරවීර, සන්දිත් සමරසිංහ, ආනන්ද කුමාරසිරි, මහාචාර්ය ආශු මාරසිංහ, වඩිවේල් සුරේෂ්, හරින් ප‍්‍රනාන්දු, එඞ්වඞ් ගුණසේකර, අශෝක ප‍්‍රියන්ත හා එච්. තිලකරාජ් යන මන්ත‍්‍රීවරුන්ය.

මේ යෝජනාව දැනටමත් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ද ඇතුළත් කරනු ලැබ තිබෙන අතර ඉදිරි දිනෙක දී යෝජනාව සම්මත කර ගැනීමට නියමිතය.

ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පූර්වයෙන් නිසි සහ විස්තීරණ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරනු ලැබුයේ ද ව්‍යාපෘතිය සඳහා නිමි යථාර්ථවාදී පිරිවැය ඇස්තමේන්තුවක් සකස් කරනු ලැබුයේද, ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේදී යථාරූපී නොවූ පිරිවැය සීමා ඉක්මවා යාම් සිදුවූයේද, විස්තීරණ පාරිසරික බලපෑම් අගැයීමක් සිදු කරනු ලැබුයේද යන වග මෙන්ම, ඉහතින් සඳහන් කරන ලද වාර්තා පිළියෙල කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්, එකී වාර්තා පිළියෙල කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයා හෝ පුද්ගලයන් නොසැලකිලිමත් අයුරින් කටයුතු කොට තිබේද, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වන කොන්ත‍්‍රාත්තුව ප‍්‍රදානය කිරීමේදී කවර හෝ වංචාකාරි හෝ අපරාධ ක‍්‍රියාකාරකමක් සිදුවීම සම්බන්ධයෙන් කවර හෝ පුද්ගලයකු හෝ පුද්ගලයන් වරදකරුවන් බවට පත්වී තිබෙනුයේ ද යන්න සහ එසේ සිදු වී ඇත්නම්, එම පුද්ගලයන් කවුරුන්ද යන වග, ව්‍යාපෘතියේ අහිතකර බලපෑම් සම්බන්ධයෙන් කවර හෝ පුද්ගලයකු හෝ පුද්ගලයන් හෝ ආයතන වගකිව යුතු වූයේ ද යන්න සහ එසේ වූයේ නම්, ඒ කවුරුන්ද යන වග, මෙම ව්‍යාපෘතිය මගින් අහිතකර බලපෑම්වලට ලක් වූ පුද්ගලයන් සඳහා යම් වන්දියක් ප‍්‍රදානය කිරීමට නියමිතව පවතීද යන්න තීරණය කිරීමටත් තමන් සිදුකරන විමසීම් කටයුතු සඳහා අදාළ වෙතැයි කාරක සභාවට හැඟෙන වෙනත් කවර හෝ කාරණයක් සම්බන්ධයෙන් විමසීමට සහ වාර්තා කිරීම සඳහා ද, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි යනුවෙන් එම යෝජනාවේ සඳහන් වෙයි.
- http://ift.tt/2wLoeqJ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment