ගබ්සාව නීතිගත කිරීම තරයේ හෙළා දකිනවා…

aBORTION

කවර තත්ත්වයක් යටතේ වුවද ගබ්සාව නීතිගත කිරීම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

එම සම්මේලනයේ සභාපති අතිඋතුම් ජේ. වින්ස්ටන් ප්‍රනාන්දු සහ එහි මහ ලේකම් අති උතුම් ඩී. වැලන්ස් මෙන්ඩිස් යන හිමිවරුන්ගේ අස්සනින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ කවර හේතුවක් නිසා වුවද ගබ්සාව නීතිගත කිරීම තරයේ හෙළා දකින බවයි.

කලලය පිළිසිඳ ගත් මොහොතේදීම මිනිස් ජීවිතය ඇරැඹෙන බවත්, එය ශුද්ධවත් වන අතර කිසිවකුට ජීවිතයක් කෙලසීමට පිළිසිඳගත් මොහොතේදී පවා අයිතියක් නොමැති බවට කතෝලික සභාව විශ්වාස කරන බව එම රදගුරු සමුළු නිවේදනයේ දැක්වේ.

යුක්තිය කවර තත්ත්වයකදීවත් හෑල්ලු නොවිය යුතු අතර, නූපන් දරුවකුගේ ජීවිත අයිතිය සුරැකීම පිළිබඳ ගැටලුවේදී එය විශේෂයෙන් මතුවන බවත්, කෙනකුට තවත් කෙනකුගේ අයිතිය රැකදීමට වෙනත් කෙනකුගේ අයිතිය උල්ලංඝනය කළ නොහැකි බවත් නිවේදනයේ දක්වා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment