බෝට්ටුවක් පෙරළී සිසුන් 7 න් 5 ක් මරුට !

බෝට්ටුවක් පෙරළී සිසුන් 7 න් 5 ක් මරුට !

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් අදාළ දුපත වෙත බෝට්ටුවකින් ගමන් කොට ඇති අතර එම සිසුන්ගෙන් අතුරුදහන් වූ සිසුවාගේ උපන්දිනය අදට යෙදී ඇති හෙයින් එය සැමරීමට බෝට්ටුවකින් මණ්ඩතිව්හි පිහිටි දූපතකට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවට තොරතුරු අනාවරනය වී ඇත.

බෝට්ටුව පෙරළෙන අවස්ථාවේ එහි සිසුන් 07 දෙනෙකු සිට ඇති අතර මේ වන විට සිසුන් 05 දෙනෙකුගේ මළ සිරුර සොගෙන ඇති අතර උපන්දිනය යෙදී තිබූ සිසුවා පිළිබඳ මෙතෙක් තොරතුරක් නොමැති අතරම එක් සිසුවෙකු ගොඩට පීනාවිත දිවි බේරාගෙන ඇත.

මෙම අනතුරින් මියගිය සිසුන් යාපනය, නල්ලූර්, කොක්කුවිල් හා උරුම්පිරායි යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්
අතුරුදන්වූ සිසුවා සොයා නාවික හමුදාවේද සහය ඇතිව තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරන අතර යාපනය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
මෙම සිසුන් ගමන් කොට ඇත්තේද නිසි ප්‍රමිතියකින් තොර බොට්ටුවකින් බවටද මේ වන විට තොරතුරු අනාවරනය වෙයි.
වන්නි රොමේෂ් මධුෂංඛ

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment