සැබෑ කලාකරුවා ජාතිවාදියකු නොවිය යුතුයි - මංගල සමරවීර

සැබෑ කලාකරුවා ජාතිවාදියකු නොවිය යුතුයි - මංගල සමරවීර
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වය උත්සවය පැවැත්විණි. 
 
මෙවැනි අසපුවක් ඉදිකිරීම අමරදේව කලාකරුවාණන්ගේ දීර්ඝකාලීන සිහිනයක්ව තිබූ බවත් පැවති ආණ්ඩු කිහිපයක්ම එම සිහිනය සැබෑ කිරීමට අසමත් වූ බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය. අද මේ තබන පියවර හෙට දිනයේ මේ රටේ සුවහසක් රසික රසිකාවියන්ගේ මෙන්ම කලා සම්ප්‍රදායේ නව පිටුවක් පෙරළනු ඇති බවත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.
 
තවදුරටත් අදහස් දැක් වූ මංගල සමරවීර මහතා,
 
'මේක අමරදේව කලාකරුවාණන්ට තිබූ දීර්ඝකාලීන සිහිනයක්. නමුත් ඒ සිහිනය යථාර්ථයක් බවට පත් කර ගන්නට හැකි වුණේ එතුමාගෙ පසුගිය උපන්දිනය දා එවකට ජනමාධ්‍ය අමාත්‍ය ධුරය දැරූ ගයන්ත කරුණාතිලක මහතා සුබ පතන්න ගිය වෙලාවෙ ඇති වුණ කතාබහ නිසයි. එතුම කියල තිබුණ මම මේ ගැන ආණ්ඩු කිහිපයකට කිවුව නමුත් ප්‍රතිඵලයක් ලැබුණෙ නෑ කියල. ඒ අනුව ගයන්ත ඇමැතිතුමා මේක ජනාධිපතිතුමා කිවුව, එතුමා ඊට අනුමැතිය ලබා දුන්න. සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ දී අගමැතිතුමා කැබිනට් මණ්ඩල අනුමැතිය අරගත්ත. අමරදේව මහතා ජීවතුන් අතර නැති වුණත් මේ කටයුත්ත ආරම්භ කිරීමට හැකි විම ගැන මම සතුටු වෙනවා.'
  
'ඒ තුළින් අමරදේව සූරීන් මේ රටට දායද කළ, ඒ මහා කලා සම්ප්‍රදාය ඔහුගෙන් පසු ඉතිහාසයට පමණක් සීමා වී වැළලීයාමට ඉඩ නොතබා, හෙට දවසේ ලාංකේය කලාකෙත අස්වැද්දීමට නව අමරදේව පරපුරක් නිර්මාණය කිරීමට අවස්ථාව සැලසෙනවා. ඇයි අපි නව අමරදේව පරපුරක් ගැන හිතන්නේ? ඒ ප්‍රශ්නාර්ථයට සැබෑම පිළිතුර තමයි, එතුමා සිංහල භාෂාවෙන් පමණක් ගීත ගායනා කළත් ඔහු කවදාවත් ජාතිවාදියකු නොවී ජනතාවාදී ගායකයකු වීම.'
 
'හැමෝටම ජනතාවාදී ගායකයෙක්, කලාකරුවෙක් වෙන්න බෑ. ඒකට විවිධ හේතු ඇති. නමුත් සැබෑ කලාකරුවා කවදාවත් ජාතිවාදියකු නොවිය යුතුයි. ඔහුට දේශ සීමා නොතිබිය යුතුයි. ඒ අර්ථයෙන් ගත්තත් අමරදේව සූරීන් මේ ලක්පොළොවේ බිහිවූ සැබෑම ජනතාවාදී කලාකරුවෙක්.'
 
'මේ ජනතාවාදී කලාකරුවාගේ අවසන් කාලය තුළ එතුමාගෙන් මේ රටට ගතහැකිව තිබූ, ගතයුතුව තිබූ බොහෝ නිර්මාණ බිහි නොවූ බවයි මාගේ හැඟීම.'
 
'මොකද පසුගිය දශකයටකට ආසන්න කාලයක් මේ රටේ කලාව තිබුණේ රාජපක්ෂ පවුලේ බූදලක් වෙලා. ඒ නිසි බොහෝ ජනතාවාදී කලාකරුවන්ට නිර්මාණශීලි නිර්මාණයන් බිහි කරන්නට වාතාවරණයක් තිබුණේ නැහැ. ඒ කාලය තුළ බිහි වූ බොහොමයක් නිර්මාණ පුද්ගල වන්දනාවට වගේම ප්‍රශස්ති ගායනයට සීමා වුණා.'
 
'රජුට ආවඩන කලාවක් තමයි පෝෂණය වුණේ. රජුට බැලමේහෙවර කළ නිර්මාණකරුවෝ තමයි එදා කලාකරුවෝ ලෙස පෙනී සිටියේ. ඒ නිසා ජනතාවාදී කලාව පමණක් නොවෙයි සැබෑ කලාකරුවා ද රාජ උදහසට හසු වුණා. තහනමට ලක් වුණා. අමරදේවයන් ද ඒ බලහත්කාරී රජ කලා සම්ප්‍රදාය තුළ පීඩාවට ලක් වීම නිසා නව නිර්මාණ එළිදැක්වීමට අවකාශ අහිමි වූවෙකු ලෙස හඳුන්වන්න පුළුවන්.'
 
'අපි කල්පනා කරනවා, කලාව වගේම කලාකරුවාත් ස්වාධීන විය යුතුයි කියලා. එසේ නොවුණොත් එහි සැබෑ නිර්මාණ බිහි වෙන්න අවශ්‍ය අවකාශය නැතුව යනවා.'
 
'ඒ වෙනුවෙන් අපි එදා පාලනයේ තිබූ අඳුරු කලා සම්ප්‍රදායට තිත තැබුවා. අද අපි කාටවත් ආවඩන කලාවක් නෑ. ප්‍රශස්ති ගායනා නෑ. කලාව නමින් ඉතිහාසය වවාගෙන කන්නෙ නෑ.ආගම වවාගෙන කන්නෙත් නෑ. ඇත්ත වශයෙන් ම මේ වෙලාවෙ මට මතක් වෙනවා එක්තරා කලාකරුවෙක් එවකට හිටපු රාජ්‍ය නායකයා අපේ බුදු රජාණන් වහන්සේගේට නෑකම් කියනව කියල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. අපි දන්නවා, රටක කලාව, සංස්කෘතිය පෝෂණය කිරීම, සදාචාර සම්පන්න සමාජයක්, අනෙකා ගැන සිතෙන මිනිස් හැඟීම් සහිත පරපුරක් නිර්මාණය වීමට මහත් රුකුලක් වෙනවා.'
 
'ඒ වගේම බහුජාතිකත්වයෙන් යුතු, අපේ වගේ රටක සංස්කෘතික සහජීවනය, ජාතීන් අතර සංහිඳියාව වර්ධනය වීමටත් හේතුවක් වෙනවා. කලා ක්ෂේත්‍රය සැබෑ ලෙසම පෝෂණය කිරීමට අදාළ කටයුතු ඉටු කරන්න ආණ්ඩුවක් ලෙස බැඳී ඉන්නවා. ඒ නිසා දියුණු සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් කලාවේ සංවර්ධනය වගේම ආර්ථික දියුණුවත් අත්‍යවශ්‍ය වෙනවා. අපි ආණ්ඩුවක් ලෙස ඒ භාරදූර කටයුත්තට දැන් මුලපුරලා තියෙනවා. ඒ වෙනුවෙන් දූරදර්ශී, සැලසුම්ගත වැඩපිළිවෙළක් ළඟදීම රට හමුවේ එළි දැක්වීමට සුදානම් වෙනවා. එය හෙට දවසේ මේ බිමේ උපදින දුවා දරුවාට, ලෝකය හමුවේ දිදුලන රටක් උරුමකර දීමට අවශ්‍ය මග හදනවා කියලා සහතිකය දෙන්න පුළුවන්.' 
 
amaradewa 1
amaradewa 2
amaradewa 3
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment