නව නාවික හමුදාපතිට  ආරක්ෂක රාජ්‍ය ඇමතිගෙන් සුභපැතුම්

Sinnaha

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාසිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන්  අනතුරුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පළමු වරට නිළ වශයෙන් අද (අගෝස්තු 28) ආරක්ෂක අමාත්‍යාංශයේදී හමුවිය.

එහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අතර සුහද සාකච්ඡාවක් පැවති අතර,ශ්‍රී ලංකානාවික හමුදාව ඉදිරි කාලයේදී තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය සහ උපායමාර්ගික නව ජාත්‍යන්තර ඉඩප්‍රස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමට අභීතව කැපවූ දක්ෂ නාවික හමුදා නිළධාරීවරයෙක් වූ වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා නාවික හමුදාපති ධූරයට පත්වීම පිළිබඳව උණුසුම් සුභපැතුම් එක්කල ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, මෙරට සාගර ආරක්ෂාව ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට නායකත්වය ලබාදීමට නාවික හමුදාපතිවරයාට සුභ ප්‍රාර්ථනා එක්කළේය.

නිළ හමුවෙන් අනතුරුව නාවික හමුදාපතිවරයා වෙත ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් සමරු  සිහිවටනයක් පිළිගැන්වීය.

NAVEY_COM (1) NAVEY_COM (2) NAVEY_COM (3)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment