හිරේ ඉන්න සසිකලා ෂොපින් යයි!

හිරේ ඉන්න සසිකලා ෂොපින් යයි!

මේ අතර ඇයට එරෙහිව පැවති චෝදනා විමර්ශනය සම්බන්ධයෙන් මහත් කාර්යභාරයක් ඉටු කළ ඩී.අයි.ජී. රූපා හට සේවා මාරුවක් ලබාදීමට ද බලධාරීන් කටයුතු කර තිබිණි. මේ අතරවාරයේ සසිකලා තවත් පුවතක් මවා තිබෙන්නේ හිරේ සිටින අතරම ෂොපින් යාම නිසා ය. මේ සම්බන්ධ සීසීටීවී රූපරාමු පෙළ ද මේ වන විට මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර, එම වීඩියෝව ද ලබාගෙන තිබෙන්නේ  ඩීඅයිජී රූපා විසිනි. ඇය විසින් එම වීඩියෝව මේ වන විට කර්ණාටක පොලිසියේ දූෂණ මර්දන බියුරෝව වෙත විමර්ශන සඳහා ලබාදී ඇත.  එහි පැහැදිලිවම දැක්වෙන්නේ සසිකලා සිවිල් ඇඳුමින් සැරසී බන්ධනාගාරය වෙත සාප්පු සවාරියේ ගොස් ආපසු පැමිණි අවස්ථාවයි. ඇය අත සුපිරි වෙළඳසලක සවාරියේ යෙදුණු බව හඟවන කුඩා බෑගයක් තිබේ. ඇය එසේ ෂොපින් ගොස් තිබෙන්නේ ඇගේ ඥාතියෙකු වන සහ එකම නඩුවේදී ඇය සමග දූෂණ චෝදනාවලට වරදකරු වූ ඉලවරසී ද සමගය. බන්ධනාගාරය තුළදී කිසිදු පැකිළීමකින් තොරව මෙවැනි හැසිරීමක් දක්වන්නට සාමාන්‍ය සිරකාරියන්ට කොහෙත්ම නොහැක. ඔවුන් හැඳ සිටින්නේ සිවිල් ඇඳුම් ය. බන්ධනාගාර නිල ඇඳුම නොවේ. නිසැක වශයෙන්ම බන්ධනාගාරයේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ සහයෝගය මේ සඳහා ලැබෙන්නට ඇත. සසිකලා සහ ඇගේ ඥාතියා ආපසු සිර කුටිය වෙත පැමිණෙන්නේ බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුවෙනි. ඩී.අයි.ජී. රූපා පවසන්නේ මෙය අගතිගාමී වාසි ලබාගැනීම සඳහා බන්ධනාගාර බලධාරීන් සමහර සිරකරුවන්ට විශේෂ වාසි ලබාදෙන බවට මෙය හොඳම නිදසුනක් බවයි. පිටු 12 කින් යුත් වාර්තාවක් ඉදිරිපත් කරමින් ඩී.අයි.ජී. රූපා, සසිකලා වෙත ලබාදී තිබෙන විශේෂ වරප්‍රසාද ගැන විමර්ශන අංශයට පැමිණිලි කර තිබේ.

 ලංකාවේ පොලිසි හා බන්ධනාගාරවලත් ලිෆ්ට්වලත් තිබෙන සීසීටීවී දර්ශන මෙන් නොව, ඉන්දියවේ සීසීටීවී දර්ශනවල විශේෂ ලක්ෂණයක් තිබේ. එනම් ඒවා සාධාරණ විමර්ශනයකට ලක්වනසුලු ය. ඒ නිසා ඉදිරියේදී මේ පිළිබඳ තවත් පුවත් ගෙන ඒමට හැකිවෙතැයි අපි බලාපොරොත්තු වෙමු. 


- අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment