මංගලගේ ලේකම්, වීරවංශගෙන් මිලියන 500ක් ඉල්ලලා.


මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අමාත්‍යංශ කාර්ය මණ්ඩල ප්‍රධානි තුසිත හල්ලොලුව මහතා, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ගෙන් රුපියල් මිලියන පන්සීයක මුදලක් ඉල්ලා නීතිඥයකු මාර්ගයෙන් එන්තරවාසියක් යොමුකර තිබේ.

තමන්ට සිදුකල අපහාසයකට අලාභයක් වශයෙන් රුපියල් මිලියන 500ක් එම එන්තරාවාසිය ලැබී සති දෙකක් තුලදී ලබාදීමට කටයුතු කරන ලෙසත්, එසේ නොලැබුණහොත් තමන්ට වූ අපහසය සම්බන්ධයෙන් එම මුදල අලාභයක් ලෙස අයකර ගැනීම සඳහා නඩු පවරන බවත් හල්ලොලුව මහතා සිය නීතිඥයා හරහා දැනුම් දී ඇත.

විමල්ගේ චෝදනාව ?

මංගල සමරවීර අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා මැලේසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තුන තුනක කාලයක් රදවා තබාගෙන සිට ඇති බවත්, ඔහු විදෙස් ගතවී ඇත්තේ විසා නොමැතිව බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදීත්, ඉන් අනතුරුව මාධ්‍ය හමුවකදිත් ප්‍රසිද්ධියේ ප්‍රකාශකර සිටියේය.

ව්‍යාජ විදෙස් ගමන් බලත්‍රයක් භාවිත කිරීම හා වීසා නොමැතිව මැලේසියාවට ඇතුළුවීම යන චෝදනා මත අදාල තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවත්, ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලද ඉහල මැදිහත්වීමකින් හා තානාපති මුක්තිය භාවිත කර මොහු මුදාගෙන ඇති බවත් ඔහු සදහන් කර තිබිණ.

ප්‍රධාන ධාරාවේ කිසිඳු මාධ්‍යයක් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ මායිම් නොකළ අතර, ඔහුට සම්බන්ධ වෙබ් අඩවි කිහිපයක පමණක් එම පුවත පලවිය.

ඇත්ත කතාව මොකක් ද ?

විමල් විරවංශ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කල සොයා බැලීමකදී අනාවරණය වුයේ, එහි කිසිඳු සත්‍යයක් නොමැති බවයි.

විසා ලබාගෙන ශ්‍රී ලංකාවෙන් මියන්මාරයට ගොස් ඇති හල්ලොලුව මහතා, යලි ලංකාවට එන අතරවාරයේ ඔහුගේ මිතුරකු වන මැලේසියානු ජාතික වෛද්‍යවරයකු හමුවීමට මැලේසියාවට ගොස් ඇත.

රාජකාරි විදෙස් ගමන් බලපත්‍ර හිමි විදේශිකයින් සඳහා මැලේසියාවට ඇතුල්වීමට විසා අනවශ්‍ය බවට ලබාදී තිබු සහනය මෑතකදී අහෝසිකර ඇති බව ඔහු දැනුවත්වී ඇත්තේ මැලේසියානු ගුවන් තොටුපලෙදිය.

අනතුරුව එරට ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් විසින් ඔහුගේ ගමන් බලපත්‍ර පරික්ෂා කර එහි ඇති ඇමරිකානු හා ජපන් ඇතුළු රටවල් රැසක විසා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහුට එරටට ඇතුල්වීමට හා රැඳී සිටීමට විශේෂ බලපත්‍රයක් නිකුත්කර ඇත.

එහිදී ඔහු අත්අඩංගුවට ගත් කතාව මුළුමනින්ම ප්‍රබන්ධයක් වන අතර එබව මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඒ.ජේ.එම්. මුසාමිල් මහතා ද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයට හා අමාත්‍යංශ ලේකම්වරයාට නිල වශයෙන් දැනුම් දී තිබේ.

සහතික පත් මෙන්න :

විමල් විරවංශ මහතාගේ කතාව අසත්‍යක් බව සනාථ කිරීම සඳහා තුසිත හල්ලොලුව මහතාගේ විදෙස් ගමන් බලපත්‍රයෙත්, මියෙන්මාරයට ඇතුල්වීම සඳහා ලබාදී ඇති විසා සහතිකයෙත්, මැලේසියාවට ඇතුල්වීමට ලබාදී තිබු විශේෂ අවසර පත්‍රයෙත් ජායා පිටපත් පහත පළකර තිබේ.

t1t2t3t4

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment